Mindada Heesara Wadee Song Lyrics - මින්දද හීසර වැදී ගීතයේ පද පෙළ

Mindada Heesara Wadee Song Lyrics - මින්දද හීසර වැදී ගීතයේ පද පෙළ
Song Title : Mindada Heesara Wadee (මින්දද හීසර වැදී)
Singing : Pandith W.D. Amaradewa (පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහත්මා)

මින් දද හී සර වැදී සැළෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන්සඳ //

තුරඟෙකු පිට නැගි නීල වලාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ
තුරඟෙකු පිට නැගි නීල වලාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ
පිබිදුනු දෑසින් බලා හිඳිමි මම
පිබිදුනු දෑසින් බලා හිඳිමි මම
සුසුම් සිනා කැන් හද පුරවා

මින්දද හීසර වැදී සැළෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
නන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ

මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා
මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා
නෙත්මිණි පහනින් පහන් කරනු මැන
නෙත්මිණි පහනින් පහන් කරනු මැන
අනාගතේ මන් පෙත පාදා

මින් දද හී සර වැදී සැළෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන්සඳ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mindada Heesara Wadee Song Lyrics - මින්දද හීසර වැදී ගීතයේ පද පෙළ Mindada Heesara Wadee Song Lyrics - මින්දද හීසර වැදී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 03, 2021 Rating: 5

0 comments:

Post a Comment