Api Denna Song Lyrics - අපි දෙන්නා ගීතයේ පද පෙළ

Api Denna Song Lyrics - අපි දෙන්නා ගීතයේ පද පෙළ
Artist : Sanuka Wickramasinghe & Windy Goonatillake Lyrics : Melody & Music - Sanuka Wickramasinghe All keys & Guitalele : Sanuka Wickramasinghe

දවසම බලං උන්නේ මං ඔයා එනකං
නොදැනිම හවස් වෙලා දැං, මේම ඉතිං
ඉවසන්න මීට වඩා නං බෑ තවත්
අද රෑ එළි වෙනකං කෝම ඉඳිම්

තෙමි තෙමි හිම වරුසාවේ
මධුපැන් මුසුවූ ඒ
ඔබ මා බැඳි ප්‍රේමේ රස තැන් සොයා
ගෙන එමි ඔබ වෙත ආයේ
සැරසූ තිළිණක් සේ,
එක්කෝ
නොබලා ඒ මතකේ පසෙකින් තියා

මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා
මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා

දවසම බලං උන්නානං මං එනකං
නොදැනිම හවස් උනා නං මොකද ඉතිං
ඉවසීම ඔයිට වඩා නං ඕනෑ තවත්
අද රෑ එළි වෙනකං මා ළඟම ඉඳින්

තෙමි තෙමි හිම වරුසාවේ
මධුපැන් මුසුවූ ඒ
ඔබ මා බැඳි ප්‍රේමේ රස තැන් සොයා
ගෙන එමි ඔබ වෙත ආයේ
සැරසූ තිළිණක් සේ,
එක්කෝ
නොබලා ඒ මතකේ පසෙකින් තියා

මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා
මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා

සයුරෙන් ඈත උන් දවසේ
හදේ කොතැනක හෝ
මා උන්නාදෝ
රෑ දිවා ඔබමයි උන්නේ
හදෙහී මා හා

මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා
මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Denna Song Lyrics - අපි දෙන්නා ගීතයේ පද පෙළ Api Denna Song Lyrics - අපි දෙන්නා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2021 Rating: 5

0 comments:

Post a Comment