Adariye Song Lyrics - ආදරියේ ගීතයේ පද පෙළ

Adariye Song Lyrics - ආදරියේ ගීතයේ පද පෙළ
Song Title : Adariye (ආදරියේ)
Singing : Dhanith Sri (ධනිත් ශ්‍රී මහත්මා)
Melody : Dhanith Sri
Lyrics : Dhanith Sri
Music : Sanjula Himala | Dhanith Sri

නුඹගේ චායා
රූ අතරේ මා හා
ඇදිලා

මතකේ පුරා
විසිරී ගියා
සිත මා
සොදුරේ නුඹ මා
දෙස නොබලා බලා
ගිය දා

නුඹ මගේම තමා
සිතුනා

ආදරියේ
ආදරියේ
ආදරියේ
ආදරියේ

නුඹ මේ චන්ද්‍රා
තරු අතරේ පායා
දිලෙනා

නොදොඩා ගිය දා
නෙත් අතරේ වර්ෂා
හැලුනා

සැනෙකින් බැදෙනා
සිත මන්මත් කරනා
අගනා

නුඹ රූ වරුනා
නැත ලොවෙහී කිසිදා
දැක මා

ආදරියේ
ආදරියේ
ආදරියේ
ආදරියේ

Randunu Yasaranga
ආයෙමත් ධනිත්ගෙන් අමුතුම වැඩක්. ඉස්සෙල්ලම බලමු මේ සින්දුවේ lyrics වල තේරුම. මේ සින්දුවේ lyrics වලට වඩා අපිට කතා කරන්න දේවල් දෙක තුනක්ම තියෙනවා. ඒ ගැන දෙවෙනියට කතා කරමු.

මේ සින්දුවේ කියන්නේ ක්‍රෂ් එකක් ගැන වෙන්න ඕනි. ක්‍රෂ් කිව්වම එක එක ජාතියේ ක්‍රශ් තියෙනවා නේ. මේ සැබෑ වෙන්න ඉඩක් තියෙන ක්‍රශ් එකක්.

නුඹගේ චායාරූ අතරේ මා හා ඇදීලා..
මතකේ පුරා විසිරී ගියා සිත මා..

ඔහු ඇයගේ රූපය සිතේ මවාගෙන හීන දකිනවා. ඒ රුව ඔහුත් එක්ක එකට තියලා බලනවා. ඒ විදියට හිත පුරාම හීන මවනවා.

සොඳුරේ නුඹ මා දෙස නොබලා බලා ගියදා..
සසරේ පුරා නුඹ මගෙම තමා සිතුනා..
ආදරියේ...

ආ.. මං කලින් කිව්වේ ඒකයි. ඇය ඔහුට ගතින් ළඟා වෙන්න පුළුවන් තැනක කෙනෙක්. ඒකයි මෙතන කියන්නේ නුඹ මා දෙස නොබලා බලා ගියා කියලා. ඉතින් එහෙම හොරෙන් බලලා ගිය දවසේ හිතුණා "හම්මෝ.. දැන් නම් හරි. එයා හැම ආත්මෙම මගේ" කියලා. කොල්ලෝ අපිට ඔය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. එහෙම එක බැල්මක් ඇති කසාද බැඳලා ළමයිනුත් හදලා හැම ආත්මෙම එකට ඉන්න. 😂😂

නුඹවේ චන්දා තරු අතරේ පායා දිලෙනා..
නොදොඩා ගියදා නෙත් අඳුරේ වර්ශා හැලුනා..

අනිත් හැම කෙල්ලෙක්ම තරු. එළිය අඩු ඒවා. ඒත් ඇය හඳක්. ඔහුට හිතෙන්නේ එහෙම. ඒත් එහෙම හොරෙන් බලලා ගියා විතරයි. කතා කරේ නෑ නේ. ඉතින් ඒකට ඔහුට දුකයි. නෙත් අඳුරේ වර්ශා හැලුණා කියන්නේ ඇඬුවා කියන එක වෙන්න ඕනි.

සැනෙකින් බැඳෙනා සිත මන්මත් කරනා අඟනා..
නුඹ රූ වරුනා නැත ලොවෙහී කිසිදා දැක මා..  
ආදරියේ..

දැක්ක ගමන් සිත බැඳුණු සිත මන්මත් කරන රූපයක් තමයි ඇයට තියෙන්නෙ කියලා ඔහු හිතනවා. ඇත්තනේ. ක්‍රෂ් එක තමයි ලෝකේ ලස්සනම කෙල්ල කියලා අපි හිතන්නේ.. 😂
ඉතින් නුඹ තරම් ලස්සන කෙල්ලෙක් මේ ලෝකේ නම් දැකලා නෑ කියලා ඔහු කියනවා.

මේ melody එක සහ music හරි වෙනස්. ධනිත්ගේ හඬින් අපිට අහන්න ලැබුණ එක සින්දුවක වත් මෙහෙම music parts අහන්න ලැබුණේ නෑ. ඒක හරිම අපූරු වෙනසක්.

ධනිත් ගේ සින්දු වල තියෙන addictive ගතියට වැඩියෙන්ම බලපාන හේතුව මොකක්ද කියලා මට මෙච්චර දවසක් හිතාගන්න බැරුව හිටියා. ඒත් මේ සින්දුවෙන් මට ඒක තදින්ම දැනුණා.
ධනිත්ගේ voice එක මාර melodious.
ඒ වගේම අවශ්‍යම තැන් වල කරන variations. 
මට හිතෙන විදියට මේ සින්දු එකකට එකක් නොදෙවෙනි විදියට addictive වෙන්න මූලිකම හේතු දෙක ඔන්න ඔය දෙක.

කොහොම වුණත් මේ සින්දුව stages වල නම් මාර හිට් එකක් වෙයි.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adariye Song Lyrics - ආදරියේ ගීතයේ පද පෙළ Adariye Song Lyrics - ආදරියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2021 Rating: 5

0 comments:

Post a Comment