Song Title : Sanda Hiru Tharu Pawathina Thuru (සද හිරු තරු පවතින තුරු)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)
සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
අනඟ බඹර තරුණ අපි අමර වරම අපිට හිමි
අපි මැරෙන්නෙ නෑ අපි මැරෙන්නෙ නෑ
කලක මෙහෙන් චුත වෙනවා
එලොව ගිහින් වැජබෙනවා
පෙලපත නම වෙනස්වෙලා
ආයෙත් මෙලොවට එනවා
එහෙම මිසක් කිසිම දිනක
අපි මැරෙන්නෙ නෑ
හැරමිටියෙන් ඇවිදින්නෝ
අපට එරෙහි වී එන්නෝ
සීමා මායිම් වැටකොටු මේ කිසිවක් අපට නැතේ
වැරදීමෙන් හුස්ම ගියත් අපි හඩන්නෙ නෑ
සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
අනඟ බඹර තරුණ අපි අමර වරම අපිට හිමි
අපි මැරෙන්නෙ නෑ අපි මැරෙන්නෙ නෑ
0 comments:
Post a Comment