Mage Sitha Thula Song Lyrics - මගේ සිත තුල ගීතයේ පද පෙළ

Mage Sitha Thula Song Lyrics - මගේ සිත තුල ගීතයේ පද පෙළ
Song Title : Mage Sitha Thula (මගේ සිත තුල)
Lyrics : Thilak Dayasiri (තිලක් දයාසිරි)

මගේ සිත තුල කිමිද -   වරින්වර දිනෙන් දින....
ඒ අතට මේ අතට -   හැම තැනම සැරි සරා
හැමදාම හැම විටම  -  හැම දේම විචාරා
බලන කොට සිත පතර -  ඒ අතට මේ අතට....

හැම දාම හැම තැනම  -  හමුවුනේ නුඹවමයි..
නුඹට පෙර අතීතය   - වලදමා ඇති හැඩයි......
කිසිදු සලකුනක් නැත -  කිසිදු උනුසුමක් නැත
එකම එක සිහිවටන  -  පලකයකවත් නොමැත......

කාලයේ වැලියටද  -  අහුස්සා බැලුවෙමි...
ගිනි පුපුරැ සොයන්නට -  අලුද කූරූ ගා බැලිමි....
එකම එක තැනකවත්   -  නුඹම මිස වෙනයමක්
සොයා ගන්නට බැරිව -  අන්තිමේ හතිවැටිමි....

මම මගේ හදවතින්  - අතීතය මරා දා
අලුද දියකර දමා  - ඇතැයි මා දැන ගතිමි......
වරෙක මම නුඹේ සිත -  කූරෑගා බැලුවෙමි
මටම පමනක් වෙන්වු  -  මමම පමනක් සිටින

මටම පමනක් දැනෙන -   නුඹේ සිත දකින්නට......
නමුත් පිටතට නොදුටු -  නුඹේ හදවත ගැඹුර
තැනින් තැන උනුසුම්ව  -  තිබෙනවා දුටිමි මම
මිය ගියා යැයි සිතු -  අතිතය තැනින් තැන

විටින් විට මතුවෙලා  -  නුඹව උනුසුම් කරන
නුඹට හසුරැවාගෙන -  පාලනය කල නොහැකි
පැරනි පා පොඩි තිබේ -   කාලයේ වැලි යටින්
තවම නොමැකි රැදී -   පුංචි ගිනි පුපුරැ වේ

හමා යන මද නලින් -  ඉඳ හිටක දිදුලවා පුංචි
එලි විහිදුවන.....  -  එක්වරම මට හැගින...
කුමකටද මා මෙසේ -  මේ තරම් වෙර දරා
මරා දැම්මේ මසිත.....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Sitha Thula Song Lyrics - මගේ සිත තුල ගීතයේ පද පෙළ Mage Sitha Thula Song Lyrics - මගේ සිත තුල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 29, 2021 Rating: 5

0 comments:

Post a Comment