Kiyabu Lathawe Natana Olida Lathawe Song Lyrics - කියඹු ලතාවේ නටන ඔලිඳ ලතාවේ ගීතයේ පද පෙළ

Kiyabu Lathawe Natana Olida Lathawe Song Lyrics - කියඹු ලතාවේ නටන ඔලිඳ ලතාවේ ගීතයේ පද පෙළ
Song Title : Kiyabu Lathawe Natana Olida Lathawe (කියඹු ලතාවේ නටන ඔලිඳ ලතාවේ)
Singing : Dimanka Wellalage (දිමන්ක වෙල්ලාලගේ මහත්මා)

කියඹු ලතාවේ නටන ඔලිඳ ලතාවේ...
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ...
අනඟ සිනා පා නෙතඟ කියන කතාවේ...
රහට මුලා වී... කඩං වැටුනේ මමනේ...

කමක් නෑ සැපයි ඔබෙ දැකුම පවා දැන්
නරිලතාවේ මට නම්

කියඹු ලතාවේ... නටන ඔලිඳ ලතාවේ...
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ...

රෑ නිදි යහනේ එදිනම මා
පෙම් මදිරා මතින් මත් වී ගියා...
සිතඟි බඳුන බිඳුනා... පපුවෙ පුලිඟු දැව්නා...
මෙමට ඔබම ඔබිනා බව සුලඟ පවා කිව්වා...

නලඟනකට මා වසඟ වෙලා
පියඹා ආ සිත තෙත් වී ගියා
බඹර විසේ සිඳුනා පෙමක ගැඹුර දැනුනා
ඔබම මගේ කුලඟන වී සසර පුරා බැඳුනා...

කියඹු ලතාවේ... නටන ඔලිඳ ලතාවේ...
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ...
අනඟ සිනා පා නෙතඟ කියන කතාවේ...
රහට මුලා වී... කඩං වැටුනේ මමනේ...

කමක් නෑ සැපයි ඔබෙ දැකුම පවා දැන්
නරිලතාවේ මට නම්

කියඹු ලතාවේ... නටන ඔලිඳ ලතාවේ...
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kiyabu Lathawe Natana Olida Lathawe Song Lyrics - කියඹු ලතාවේ නටන ඔලිඳ ලතාවේ ගීතයේ පද පෙළ Kiyabu Lathawe Natana Olida Lathawe Song Lyrics - කියඹු ලතාවේ නටන ඔලිඳ ලතාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2021 Rating: 5

0 comments:

Post a Comment