Duka Danena Ayuru Song Lyrics - දුක දැනෙන අයුරු ගීතයේ පද පෙළ

Duka Danena Ayuru Song Lyrics - දුක දැනෙන අයුරු ගීතයේ පද පෙළ
Song Title : Duka Danena Ayuru (දුක දැනෙන අයුරු)
ගායනය : දිමන්ක වෙල්ලාලගේ
පද රචනය : ලසිත ජයනෙත්තිආරච්චිගේ
සංගීතය : දිල්ශාන් සිල්වා

දුක දැනෙන අයුරු නොදැන වස්තු ඔබ යන්න ගියේ පෙරදා
ආදරය මැරුණු හේතු කරුණු පහදන්න යලි මාව අමතා
ඔබගෙ සතුටම පැතූ පෙම්වතෙකි තනිවුනු
නමුදු මියෙනා තුරු ආදරෙයි වස්තු... ආදරෙයි වස්තු

ආදරය සමග මම නම් නෑ සෙල්ලම් කරලා
හීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදා
සැක මුසු බැල්මෙන් රවටන හැගුමෙන්
නෑ මං ඔබ දෙස බලලා
පිවිතුරු සිතකින් පෙම් කල පණ මෙන්
සත්තයි ඇස් දෙක පල්ලා
ඔබගෙ සතුටම පැතු පෙම්වතෙකි තනිවුනු
නමුදු මියෙනා තුරු ආදරෙයි වස්තු... ආදරෙයි වස්තු

ආදරය ඇයි මේ තරම් දැඩි රිදවුම් දුන්නේ
කර්මයද මේ මං රැගෙන ආ පෙර අත් භවයේ
සිහිපත් කරමින් ඔබ ගැන නිතැතින්
යහපත පතනෙමි සැමදා
සමුගමි ඔබගෙන් නොහඬනු රහසින්
යලි මාව මතක් කරලා

දුක දැනෙන අයුරු නොදැන වස්තු ඔබ යන්න ගියේ පෙරදා
ආදරය මැරුණු හේතු කරුණු පහදන්න යලි මාව අමතා
ඔබගෙ සතුටම පැතූ පෙම්වතෙකි තනිවුනු
නමුදු මියෙනා තුරු ආදරෙයි වස්තු... ආදරෙයි වස්තු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Duka Danena Ayuru Song Lyrics - දුක දැනෙන අයුරු ගීතයේ පද පෙළ Duka Danena Ayuru Song Lyrics - දුක දැනෙන අයුරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2021 Rating: 5

0 comments:

Post a Comment