Mal Warusa Song Lyrics | මල් වරුසා ගීතයේ පද පෙළ

Mal Warusa Song Lyrics | මල් වරුසා ගීතයේ පද පෙළ
Song Title : Mal Warusa (මල් වරුසා)
Singing : Shan M & Malmi kavindi ft Aki Vish
Lyrics : Malmi kavindi
Music : Shan Madhushan
Melody : Aki Vish
Mix & Masterd by Aki Vish
Cover art by Sky line (Gihan Weerasingha)


මල් වරුසා පරදනා
නුඹේ දෑසින් පෑ සිනා
රතු දෙතොලින් කී කතා
මතකේ සේයා වෙලා

රෑ සිහිනෙන් ලං වෙනා
නෙතු මානේ පායනා
සිතුවිලි විල කලඹනා
නුඹ කවුදෝ නොහැඟෙනා

මල් වරුසා පරදනා
නුඹේ දෑසින් පෑ සිනා
රතු දෙතොලින් කී කතා
මතකේ සේයා වෙලා

කෙහෙරැලි පවා සුළඟින් ඉඟිබිඟි කලා මට රහසින්
දෑඟිලි කතා හොරැහින් පැවසුවා මට නුඹගේ සුසුමන්
සඳ තරමට සීරුවෙන් සිත නිවා මදහාසයෙන්
මුව පුරා හසරැලි මවන් මගෙ සියොළඟ කිතිකවන්

මල් වරුසා පරදනා
නුඹේ දෑසින් පෑ සිනා
රතු දෙතොලින් කී කතා
මතකේ සේයා වෙලා

නෙතු කැන් නොතෙමා කඳුලින් ළඟ දැවටී සැනසෙමින්
දැනෙනා සොඳුරු හැඟුමන් මගෙ හදවත මැද සිරකරන්
පියමං කල මාවතේ සිත නවතා අනුරාගයෙන්
පවසන් ඒ ආදරේ නොම සඟවා නුඹෙ මුවින්

මල් වරුසා පරදනා
නුඹෙ දෑසින් පෑ සිනා
මට රහසින් කී කතා
මතකේ සේයා වෙලා

මල් වරුසා පරදනා
නුඹෙ දෑසින් පෑ සිනා
මට රහසින් කී කතා
මතකේ සේයා වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Warusa Song Lyrics | මල් වරුසා ගීතයේ පද පෙළ Mal Warusa Song Lyrics | මල් වරුසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 06, 2023 Rating: 5

0 comments:

Post a Comment