Duwe Ube Ruwa Song Lyrics - දුවේ උබෙ රුව ගීතයේ පද පෙළ

Duwe Ube Ruwa Song Lyrics - දුවේ උබෙ රුව ගීතයේ පද පෙළ
Song Title : Duwe Ube Ruwa (දුවේ උබෙ රුව)
Lyrics : Tharushi Jayasinghe (තරුෂි ජයසිංහ)

දුවේ උබෙ රුව ගලේ ඇඳුමට
රජුන් මට දැන් අණ කළා
ගලෙන් පැනලා මැරෙන්නට සිත 
දෙවෙනි නොකරම සිත් වුණා

උබේ අම්මා එක්ක නංගිගෙ 
හිනාවත මට සිහි වුණා
කුමක් කරමිද දුවේ මම දැන්
මගේ හිත දෙකඩක් වුණා 

උබත් මාළිගෙ  සතුටු වන බව සේවිකාවක් පැවසුවා 
අම්මාට ගින්දරක් දෙනු බෑ
මම නුඹව සිත්තම් කළා

නුඹේ දුව මුත් මල්වරයි දැන්
ඇය තවත් පොඩි නෑ කියා
තවම මතකයි උබව හැදු හැටි උබේ අම්මා මට කියා

රාජ අණසක නිසාවෙන් මම 
නුඹේ සිත්තම නිම කළා
දුන්න පඬුරුත් ගලෙන් හෙළලා
අපේ පැලටම දිව ගියා

කලබලෙන් මෙන් දිවූ හින්දා 
අම්මා ඒ ගැන විමසුවා
මක් කරන්නද දෝණියේ මම
ඇත්ත ඈ හට පැවසුවා

ඇසූ දේ යළි මගෙන් අහලා 
වැලහින්නකට සම වුණා
කන්නෙ බොන්නෙත් නැතුව ඈ දැන් 
නුඹ ගැනම මට කියනවා
සමාවෙයන් මම රජ වුණෝතින් 
දුවේ නුඹෙ විලි වහනවා

තරුෂි ජයසිංහ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Duwe Ube Ruwa Song Lyrics - දුවේ උබෙ රුව ගීතයේ පද පෙළ Duwe Ube Ruwa Song Lyrics - දුවේ උබෙ රුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 05, 2021 Rating: 5

0 comments:

Post a Comment