Danuna Song Lyrics - දැනුනා ගීතයේ පද පෙළ

Danuna Song Lyrics - දැනුනා ගීතයේ පද පෙළ
Song Title : Danuna (දැනුනා)
Artist : Eranga UG | Ishan Lantra | Amila Niroshan | Centigradz
Melody & Lyrics : Leslie thomas
Music : Jellibean

උන්මාදේ ප්‍රේමාදරේ
පෙම් හීන සිත්තම් කලේ
දුන්නාට සිත සාගරේ
රැදුනාද ඒ ආදරේ
ලං වෙලා ආදරෙන්
ඉන්නම් කියා මා ලගින්

දැනුනා ඒ වේදනා ආදරේ
දැල්වුනා ඒ වේදනාවන් හදේහි
දැල්වුනා

දැනුනා ඒ වේදනා ආදරේ
දැල්වුනා ඒ වේදනාවන් හදේහි
දැල්වුනා

නවුකාවක් වී හද පැදයන විට
එය වේදනාවක් වී අද
නොපෙනෙනෙ විමානයක තනිවී
එතෙර වෙයිද සංසාරෙත් භවයක
හීනයකත් අවිනිශ්චිත බව
සගවා යන්නට හිතුනද තනියම

මාරුතයක් මට්ටු කරන කොට
පොතේම පිටු පෙරලෙනවා එක දෙක
ආදරයක් පාරිශුද්දනම්
ඇයි ආදරය රිදුම් දෙන්නේ

වේදනාව ආව නාව කාරනාව
දැන් දැන දැන දුක් දුන්නේ
හිතුවා මං දහස් වතාවක්
ඒකත් සුන්දර හරස් කතාවක්
ඇතැමුන් අසනවා අපි ගැනමා
සොයනවා උත්තර මං හැමතැනම

දෑස වැසෙන තුරා
පැතුවාද ඒ ආදරේ
ඈත සංසාරයේ
සෙව්වාද ඒ ආදරේ
ලං ලං වෙලා ආදරෙන්
ඉන්නම් කියා මා ලගින්

සීත නලරැල් පවා
ඉගි පෑව ආදරේ
රෑක තනිමංසලේ
ගොලුවීද ආදරේ
ලං ලං වෙලා ආදරෙන්
ඉන්නම් කියා මා ලගින්

දැනුනා ඒ වේදනා ආදරේ
දැල්වුනා ඒ වේදනාවන් හදේහි
දැල්වුනා

දැනුනා ඒ වේදනා ආදරේ
දැල්වුනා ඒ වේදනාවන් හදේහි
දැල්වුනා

උන්මාදේ ප්‍රේමාදරේ
පෙම් හීන සිත්තම් කලේ
දුන්නාට සිත සාගරේ
රැදුනාද ඒ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Danuna Song Lyrics - දැනුනා ගීතයේ පද පෙළ Danuna Song Lyrics - දැනුනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2021 Rating: 5

0 comments:

Post a Comment