Amma Wage Song Lyrics - අම්මා වගේ ගීතයේ පද පෙළ

Amma Wage Song Lyrics - අම්මා වගේ ගීතයේ පද පෙළ
Song Title : Amma Wage (අම්මා වගේ)
ARTIST : KANCHANA ANURADHI
LYRICS : KANCHANA ANURADHI
MELODY : KANCHANA ANURADHI / DINESH GAMAGE
MUSIC : AMITH GURU

මාගෙන් ඈතට
යනවාදෝ නුඹ
ස්නේහයේ මුදු පළඳා
හදේහී නැගෙනා
හැගුමන් බෝමා
පවසනු බෑ නුඹ හා

අම්මා වගේ දුන් ආදරේ
රකිමී සදා සංසාරයේ
අම්මා වගේ දුන් ආදරේ
රකිමී සදා සංසාරයේ

දෙව් දූ නුඹමයි
මල් වැහි වෑහෙයි
කුමරුන්ගේ තුරුලේ නිවෙනා
මා පිය සෙනෙහේ
නුඹෙ හිස පළඳා
වැජබේවා… සැමදා

අම්මා වගේ දුන් ආදරේ
රකිමී සදා සංසාරයේ
අම්මා වගේ දුන් ආදරේ
රකිමී සදා සංසාරයේ

~ අම්මා වගේ ~
මේ සසර ගමනේ කුමක් හෝ පිනකට,මම ඉපදුනා ආදරේ කරුණාව පිරිච්ච පුංචි ගෙදරක, සාමාන්‍ය පවුලක, බඩපිස්සි විදියට. මංමේ ලෝකෙ සුන්දරත්වය දැක්කෙ මගෙ අම්මගෙන් තාත්තගෙන් සහ මගෙ අක්කාගෙන්. මගේ අක්කා,ඇය තමයි මට නැකතටත් කලින්ම බත් කැව්වෙ,අකුරු කියෙව්වෙ. ඇය තමයි මගේ මුළු ජීවිතයම පාට කලේ. ඇය අදවෙනකොට රසායනික ඉංජිනේරුවරියක්. ඇයගේ විවාහය ඇය දුටුව සුන්දරම හීනයක්. ඇය වෙනුවෙන් මා තුළ ඇති හැඟීම් ගැයීම මා දුටු සුන්දරම හීනයක්. මේ ඒ හිනෙට අත්තටු ලැබුන මොහොත. මෙතැන් පටන් මේ ගීතය ආදරණීය ඔබ සැමට    බාරයි !
-කාංචනා අනුරාධි -

~ AMMA WAGE ~
Because of something really good I have done in my past journey of life I got the chance to born as the youngest daughter  in beautiful and loving family. I experienced the beauty of life through the eyes of my father, mother and my elder sister. She didn't wait for the auspicious hour to feed me and to teach me. Now she is a chemical engineer. Her wedding was a huge dream of her. To sing my feelings for her was a beautiful dream of me.This is the moment I fulfill it. From now on this song is yours !
- Kanchana Anuradhi -
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Amma Wage Song Lyrics - අම්මා වගේ ගීතයේ පද පෙළ Amma Wage Song Lyrics - අම්මා වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 28, 2021 Rating: 5

0 comments:

Post a Comment