Widi Sarana Ladune Song Lyrics - වීදී සරන ලදුනේ ගීතයේ පද පෙළ

Widi Sarana Ladune Song Lyrics - වීදී සරන ලදුනේ ගීතයේ පද පෙළ
Song Title : Widi Sarana Ladune (වීදී සරන ලදුනේ)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

ලෑලි ගැසූ පැල්පතේ නැත 
නොතෙමෙනා තැනකුත් සොයන්නට
සිඟිති දුවණිය නිදන සුවසේ
දැකුම විය ඈ සිත නිවන්නට
කන්න බොන්නට කිසිත් නැතිකල
සල්ලි යහමින් අතට ගන්නට
නොමැති කල රස්සාවකුත් දෙන්නේ
සුදුසුකම් නොලබනා කලකට..

රෑ මැදියමේ ඈ එලි බහින්නෙ
පනම් සොයනට දුවණි රැකුමට
අප්පා කවුරුද කව්ද දන්නේ
සොයා ගත්තද පලක් නොම වන
ඇගේ සිත තුල තෙරපෙනා
පැතුමයි නැතත් වෙන කිසිවක් සැබෑවන
සිඟිති දුවණිය පමනමයි
ඇගේ සිතේ රජවන කිරුල පලදින

කාමයෙන් මත් වූ මහත්වරු
එන්නේ කෑදර බැල්මකින්
නමුදු සැම දෙන ඉදිරියේ දී 
රගන්නේ මහතුන් ලෙසින් 
රැයේ ඩියුටිය ඉවර කොටගෙන 
ඈ දුවන්නේ ශෝකයෙන්
දුවණි දැකිවිට සැනසුනා ඈ
හදේ නැගි දුක් පාගමින්..

නිදන දුවණිය දෙස බලා ඈ 
කඳුළු සැලුවේ හදවතින්
මක් කරන්නද මගෙ දුවේ
මට බැරිය වෙන කෙරුමට දෙයක්
උස් මහත් වී ඔබත් දිනයක
දෙස් තියයි මා හට කිසිත්
එහෙත් අම්මා කෙලෙසකින්වත්
නැත කෝප ගන්නේ යලිත්

පවින් මිදිලා පින් කරන්නට 
කොතෙක් සිතුනද මට ඉතින්
ජීවිතේ ගැට ගසා ගන්නට
කල යුතුයි මා රස්සාවකුත්
දිනෙක වැදලා සමා ගන්නට 
එන්නෙමී මම වතාවක්
සමා දෙනු මැන බුදු පියාණෙනි
අම්බපාලියකි මමත්...

දුවණි රැකුමට කලත් කිසිදා
කාමයේ නොඇලුන සිතින් 
මක් කරන්නද වෙන කරන්නට 
දෙයක් ඉතිරිව නෑ තවත්
දිනෙක මතු දා මහා සෑයට
වඩින ගෞතම බුදු හිමිත්
දැක බලා නිවනින් නිවෙන්නට
හැකිවේද මා හට ඉතින්..

දරුවන් වෙනුවෙන් තම ගෞරවය අමතක කර දමනා වීදි සරන ළඳුන් වෙනුවෙන් රචනා කරන ලද්දක්... පිටතින් මහත්වරු සේ පෙනී සිටින නමුදු තිරිසන් ආත්ම ගත කරන කාමභෝගී මිනිසුන්ගේ සිත් පිනවන්නට තම ජීවිතය පුද දෙන දුප්පත් අසරන ළඳුන් උදෙසා රචනා වූවක්..දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Widi Sarana Ladune Song Lyrics - වීදී සරන ලදුනේ ගීතයේ පද පෙළ Widi Sarana Ladune Song Lyrics - වීදී සරන ලදුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 25, 2020 Rating: 5

0 comments:

Post a Comment