Sipiri Geyi Sirawi Song Lyrics - සිපිරි ගෙයි සිරවී ගීතයේ පද පෙළ

Sipiri Geyi Sirawi Song Lyrics - සිපිරි ගෙයි සිරවී ගීතයේ පද පෙළ
Song Title : Sipiri Geyi Sirawi (සිපිරි ගෙයි සිරවී)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

කුටිය තුල වැදි හීන් හිරු රැස් 
කියයි දිනයක ඇරබුමක්
කෙසේ නම් මෙලෙසින් සිටින්නද
අහෝ කරගත් ගොංකමක්...

සැවොම ටැංකිය ළඟට පොදි කයි
දොවා ගන්නට මුව ටිකක්
වහා දුව ගොස් සිට ගනීවී
ලබා ගන්නට අහරකුත්

හැඩක් නැති කමිසයක් සමගින්
ලැබෙන කොට සුදු කලිසමත්
ඇදන් ඉන්නට වේය සැමදින
එයත් එක් සිර දඩුවමක්

උසාවියේ නීතියට අසුවී
ලැබූවත් දඩුවම් කොතෙක්
හදේ නැගෙනා අදෝනාවට
කන් යොමන්නේ නැත කෙනෙක්..

ඉක්මනින් හද ගිනි අරන්
කෝපෙන් කෙරූවත් පවිටු කම්
ලබන කල දඩුවම් සිපිරිගෙයි
දුක් විඳින්නට වේ කිසිත්

කරන කල පව් මීරී වන්නේ
මී පැනිද පරදාලමින්
විදින කල දුක් දැඩිව එන්නේ
ගිනි පුළිගු සේ රත් වෙමින්..

පමා වී කල වරද දැකිමුදු
හද දවාලන ශෝකයෙන්
සැගවිලා නම් කෙසේ ඉන්නද
ඔබේ හද හඬනා හඩින්...

බෝගම්බර බන්ධනාගාර නිලධාරියෙක් ඒ සිපිරි ගෙයි සිර වී දුක් විදින සිර කරුවන් ගැන කරන ලද දේශනාවක් පාදක කොට ගෙනයි මේ කවි පෙල මම රචනා කලේ.. සිර කරුවෝද මනුෂ්‍යයෝය... තමා කල වරදට දුක් විදිමින් කල් මරන මිනිස් ජීවිත...
දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sipiri Geyi Sirawi Song Lyrics - සිපිරි ගෙයි සිරවී ගීතයේ පද පෙළ Sipiri Geyi Sirawi Song Lyrics - සිපිරි ගෙයි සිරවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 23, 2020 Rating: 5

0 comments:

Post a Comment