Naluwekuta Biridakwa Song Lyrics - නළුවෙකුට බිරිඳක්ව ගීතයේ පද පෙළ

Naluwekuta Biridakwa Song Lyrics - නළුවෙකුට බිරිඳක්ව ගීතයේ පද පෙළ
Song Title : Naluwekuta Biridakwa (නළුවෙකුට බිරිඳක්ව)
Lyrics : Chathumi Silva (මධූ) (චතුමි සිල්වා)

දුටුවා අහම්බෙන් මා ඔබ පෙරදාක
අකුරට ගොසින් ආපසු යන වෙලාවක
දෙනයන හමුවුණා නුපුරුදු වීදියක
සිත් අපෙ පැටලුණේ ප්‍රේමයේ ගීතයක

කාලය ගෙවී ගියෙ කාටත් රහසේම
සිහිනය ඉටුවුණා නුඹගේ දිවියේම
තරැවක් ලෙසින් පායා ආ තිරයේම
නුඹ බැබලුණා කවුරුත් සිතුසේම

⁣වෙනසක් දැනේ මට දැන් පෙර සිටි කාලේ
මා නොගැලපී යාදෝ දැන් මේ කාලේ
නුඹේ නම ලියවුණේ කාගෙත් නෙත් දෑලේ
ඉවසා සිටින්නේ සැනසුම කොයි වේලේ

මගෙ සිත රිදෙන්නේ ඇයි දැයි මට නොතෙරේ
සෙනෙහස පුදා නුඹ හිමිවුයෙ මට විතරේ
සැකයක් නොවේ සීමාවක් නැති අදරේ
ලෝකය කී කතා නොතකා සිත් පෑරේ

ලියවිලා නුඹට මගෙ සිත රහසේම
තිබ්බා මගෙ සැනසුම නුඹ තුරුලේම
දැවටිලා රඟයි දැන් ඒ සිරුරේම
ඉවසා සිටින්නේ කියපන් මන් කෝම

පිටපත වගෙයි නිලියත් එකිනෙකින් වෙනස් වී
නුඹත් රඟයි ටිකෙන් ටිකේ මගෙන් දුරස් වී
නෙතත් තෙතයි හැම රෑකම නුඹව මතක් වී
නුඹත් සිටී නළුකමටම සිතින්ම පේවී

නුඹ උණුසුම ගතම සොයයි පෙරදා වින්ද
නුඹේ සතුටට ඉඩ දී මම සිටියේ ඇයිද
සිනමාවේ තරුවක් වී හොඳ පරසිද්ධ
නිකමටවත් මාගේ දුක දැනුනේ නැද්ද
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Naluwekuta Biridakwa Song Lyrics - නළුවෙකුට බිරිඳක්ව ගීතයේ පද පෙළ Naluwekuta Biridakwa Song Lyrics - නළුවෙකුට බිරිඳක්ව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 23, 2020 Rating: 5

0 comments:

Post a Comment