Song Title : Dineka Ransalu Palada (දිනෙක රන් සළු පළදා)
Singing : Milton Mallawarachchi (මිල්ටන් මල්ලවආරච්චි මහත්මා)
දිනෙක රන් සළු පළදා සඳ නැගි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ පෙම් දෝලාවෙන්
ඇසුරු කළ කම්පන හා සැනසිලි පසමිතුරු
ගෙවුනු යෞවන විය තනි නොතනියෙ උන් අයුරු
නැවත නොලිහෙන ලෙස රැහැනින් බැදලා පවුරු
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇතිදෝ කවුරු
දිනෙක රන් සළු පළදා සඳ නැගි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ පෙම් දෝලාවෙන්
වියලි මග මහ වැලි කාන්තාර පසු කරවා
පවස සන්සිදවන ලෙස දිය උල්පත් හරවා
පරව ගිලිහෙන තුරු සියොලග කලු සළු පොරවා
ඔබය දිය යුතු හිස්වන විට දිවි විත පුරවා
දිනෙක රන් සළු පළදා සඳ නැගි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ පෙම් දෝලාවෙන්
0 comments:
Post a Comment