Mohini Mage Nangi Dan Song Lyrics - මෝහිනී මගෙ නංගි දැන් ගීතයේ පද පෙළ

Mohini Mage Nangi Dan Song Lyrics - මෝහිනී මගෙ නංගි දැන් ගීතයේ පද පෙළ
Song Title : Mohini Mage Nangi Dan (මෝහිනී මගෙ නංගි දැන්)
Lyrics : Tharushi Jayasinghe (තරුෂි ජයසිංහ)

මෝහිනී මගෙ නංගි දැන්
මෙන්න මේ ටික හිතට ගන්
වරද ගත්තා එක් වරක් නුඹ 
ජීවිතේ කටුකැයි සිතන් 

වසන්නෙපා තනියෙන්ම නුඹ දැන්
ළං වේවි තව නරුමයන් 
වරෙන් මං ගාවට නඟේ මං
බලන් ඉන්නවා දැන් ඉතින් 

කෙලසන්න හිටියත් දහසකුත් උන්
එකෙක් නෑ බත් කටක් දුන්
සොහොනෙ ඉන්නට එපා නංගේ
පොඩි එකෙක්වත් කර ගහන්

මෙලෝ හැඩයක් නොමැති සාරිය
පෙරෙව්වා ඇති උබ ඉතින්
රනින් මාලා ගවුම් ඇඳුමට 
අයියණ්ඩිගෙන් දැන් වරම්

උබව වනසපු එකා නැසුමට 
හිතක් පපුවක් නොමැති මුත් 
උබව රැකුමට මමත් රැකුනෙමි 
ඒ නිසයි ඌ පණ පිටින්

එකට ඉමු දැන් මගේ නංගියෙ 
මෙයින් මතුවට වත් ඉතින් 
එකම බඩවැල කඩාගෙන අපි
මෙලෝකෙට ආ දා ලෙසින්  

තරුෂි ජයසිංහ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mohini Mage Nangi Dan Song Lyrics - මෝහිනී මගෙ නංගි දැන් ගීතයේ පද පෙළ Mohini Mage Nangi Dan Song Lyrics - මෝහිනී මගෙ නංගි දැන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2020 Rating: 5

0 comments:

Post a Comment