Dewi Yashodhara Song Lyrics - දේවී යශෝධරා ගීතයේ පද පෙළ

Song Title : Dewi Yashodhara (දේවී යශෝධරා) Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)
Song Title : Dewi Yashodhara (දේවී යශෝධරා)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

පලමුව අවසර ගන්නෙමි
බුදු හිමියනි සිරස නමා
කවි පදවැල් අමුනන්නට
රසවෑහෙන අරුත් දමා
යශෝධරා දේවියගේ 
ගුණ වැයුමට පද අමුනා
උපමා කෙලෙසද ඈ හට
දෙන්නේ මට වෙන්න සමා

පතිදම් රැකුමට ඔබමෙන්
කෙලෙසද හැකි වූයේ
අන් ළඳකට සමකළ 
නොහැකිය ගුණකද ඔබගේ
සසර කතර අවසානේ 
නිවනින් නිම වූයේ
ඔබමයි දේවියනි සදා 
යශෝදරා වූයේ

දීපංකර බුදු හිමි ළඟ 
නියත විවරනින් පුද ලද
සුමේධ තවුසන් ළඟ වැද
ළඟම ඉන්න අවසර ලද
ළඳ නම් ඔබමයි දේවී
යධෝදරාවන් නම් ලද
සසර පුරා ලගින් ඉදන්
උවටැන් සිදු කළා නොමද

සසර පුරා නෙක අයුරින්
දෙදෙනා මුන ගැසුනේ
කිසි විටකදි කිසි කලකත් 
ඈ නොම වෙන් වූයේ
ඇගේ තිබූ බල මහිමෙන් 
නැසු පන යලි ලැබුනේ
සඳ කිදුරන් වී සිටි තැන
කිදුරට පන ලැබුනේ..

පතිවත නිබඳව රකිමින් 
බෝ ගුණදම් පිරුවා
පති බලයේ බල මහිමෙන්
ඈ දිව රෑ රැකුනා
ඈ හට සම කල හැකි
කිසිවෙක් මේ ලොව නැතුවා
උතුම් ගුනෙන් වැජබී ඈ 
සසරින් ගොඩ වූවා

බුදු හිමි සඳ වැඩි මොහොතේ
පැතුමකි එක් පැතුවේ
ඇගේ පිනේ බල මහිමෙනි 
පැතුමන් ඉටු වූයේ
බුදු හිමි තම කුටිය තුලට 
වැඩි පින්බර මොහොතේ
හැකිවුනි ඈ හට කදුලින්
දොවන්ට බුදු සිරිපාදේ..

සසර පුරා පෙරුම් පුරා 
සිටි දේවී බිම්බා
නිබඳ සෝ තැවුල් ලතැවුල්
විදි දේවී බිම්බා
හිමි සඳුගේ අභිනික්මන්
දරා ගත්තු බිම්බා
අවසානේ එතෙර වුනා
සසරින් ඈ බිම්බා...

දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewi Yashodhara Song Lyrics - දේවී යශෝධරා ගීතයේ පද පෙළ Dewi Yashodhara Song Lyrics - දේවී යශෝධරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 28, 2020 Rating: 5

0 comments:

Post a Comment