Ammawarune Song Lyrics - අම්මාවරුනේ ගීතයේ පද පෙළ

Ammawarune Song Lyrics - අම්මාවරුනේ ගීතයේ පද පෙළ
Song Title : Ammawarune (අම්මාවරුනේ)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

සුකොමල ඉරියව් ළඳකට නිබඳව හිමි වූයේ
ලතාවකට අඩිය තියයි නෑ කඩිසර වූයේ
උස් වූ හඬකින් ඇමතූ කල කදුලැලි පැන නැගුනේ
සැනෙකින් උනු වී වැටෙනා හදකින් නිම වූයේ

සවි බලයකි පිරිමින්ගේ ගත පිරිපුන් වන්නේ
ගැහැනියකට නෑ ඒ බලවත් ගත පිහිටා ලන්නේ
ගතින් දුබල වූවත් ඈ සිතින් සවිය ගන්නේ
ඈ හට කල හැකි බෝ දෑ කිසිවෙකු නෑ දන්නේ

දස මස කුස දරා නිබඳ සෙනෙහේ පාමින්නේ
දරු පැටියගේ සුව පහසුව සලසයි සන්තොසිනේ
රස මසවුලු හා අනෙකුත් විසිතුරු හැර දැමුනේ
දරුවාගේ සුවය පතා සියල්ල අත් හැරුනේ

දස මස සපුරා පැටියා බිහිවන දා තුටිනේ
දරා සිටියේ කෙලෙසින්දෝ වේදනාව තුටිනේ
දරුවා දැකි කල අමතක වී ගියාද දුක තුටිනේ
කෙලෙස දරා ගනීද මිනිසුන් ඒ දුක තුටිනේ..

කුසගිනි දැනී අඩනා කල පුතු පැටියා 
සනසා ලන්නේ කෙලෙසකදෝ පුතු පැටියා
ලෙය කිරි බවට පෙරලෙන කල පුතු පැටියා
කුස පුරවා ගනී සුවසේ පුතු පැටියා

දරුවන් වදන දහසක් අම්මාවරුනේ
ඔබමයි දැයේ ජීවය අම්මාවරුනේ
සසර පුරා දුක් විදි අම්මාවරුනේ
නිවනින් නිවේවා සැම අම්මාවරුනේ..

දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ammawarune Song Lyrics - අම්මාවරුනේ ගීතයේ පද පෙළ Ammawarune Song Lyrics - අම්මාවරුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2020 Rating: 5

0 comments:

Post a Comment