Ammawarune Song Lyrics - අම්මාවරුනේ ගීතයේ පද පෙළ

Ammawarune Song Lyrics - අම්මාවරුනේ ගීතයේ පද පෙළ
Song Title : Ammawarune (අම්මාවරුනේ)
Singing : Nanda Malani (විශාරද නන්දා මාලනි මහත්මිය)
Lyrics : Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ මහත්මා)
Music : Premasiri Khemadasa (ප්‍රේමසිරි ඛේමදාස මහත්මා)

අම්මාවරුනේ අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකිනදා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ

අම්මාවරුනේ අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකිනදා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා

සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක් වී එහි තනි වූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ

අම්මාවරුනේ අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකිනදා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා
අම්මාවරුනේ අම්මාවරුනේ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ammawarune Song Lyrics - අම්මාවරුනේ ගීතයේ පද පෙළ Ammawarune Song Lyrics - අම්මාවරුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2020 Rating: 5

0 comments:

Post a Comment