Pirisidu Sithaththi Song Lyrics - පිරිසිදු සිතැත්ති ගීතයේ පද පෙළ

Pirisidu Sithaththi Song Lyrics - පිරිසිදු සිතැත්ති ගීතයේ පද පෙළ
Song Title : Pirisidu Sithaththi (පිරිසිදු සිතැත්ති)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

තුරුලු වෙලා ගුලි ගැහිලා 
නිදන පුංචි දරු දෙදෙනා
දැක සිත සැලුනා ඈගේ
කඳුළක් නැඟුණා දෑසට ඈගේ

හිරුට කලින් අවදි වෙලා
ලහි ලහියේ බත උයලා
පොල් තලයක් ගා තියලා
රස්සාවට ඈ යන්නේ 
දරුවන් ළඟ හිත තියලා

උදේ මුරය තදබද නැති වෙලාවයි
පාරේ තැනින් තැන කුනු ගද හමාලයි
ඉදල් කොසු අරන් පිරිසිදු කලාමයි
දරුවන්ගේ දුක් ගින්දර නිවාලයි

දුහුවිල්ලයි දුමයි වැදී
ඇස් දෙක රිදුම් දෙයි
කුසට අහරකුත් නැත
කුස ගිනි දවාලයි
අව්වේ කාස්ටක රශ්මිය 
මුලු ගත වෙලා ගනී
දරුවන් මතක් වී 
හද සෝ සුසුම් හෙලයි

සිත් පිත් නැති ලෙසින් 
හැසිරෙන මිනිසුන්නේ
අන් කෙනෙකුන්ගේ 
දුක නොදකින මිනිසුන්නේ
පාරේ කුනු දමා යන 
තිරිසන් මිනිසුන්නේ
දුක් විදිමින් ඇත මිනිසුන්
මිනිසුන්නේ

බුලත් කසටින් සැදී ගියත්
මුව ඇයගේ
සිත තුල කිසිදු කහටක් නම්
නැත ඇයගේ
නිතරම සිනාවෙන් මුව සරසන
ඇයගේ
සිත නම් සුපිරිසිදු බව කිව හැක 
ඇයගේ..

දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pirisidu Sithaththi Song Lyrics - පිරිසිදු සිතැත්ති ගීතයේ පද පෙළ Pirisidu Sithaththi Song Lyrics - පිරිසිදු සිතැත්ති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2020 Rating: 5

0 comments:

Post a Comment