පහනක හැඩයෙන් යුතු - පහන්තුඩාව ඇල්ල 🪔🏊🏻‍♂️ (Pahanthudawa Falls)

පහනක හැඩයෙන් යුතු - පහන්තුඩාව ඇල්ල 🪔🏊🏻‍♂️ (Pahanthudawa Falls) - Your Choice Way
අද අපි කියන්න යන්නේ ලස්සන දියඇල්ලක් ගැන ලංකාවේ දියඇලි අතුරෙන් තවත් එක් සුවිශේෂි ඇල්ලක් තමා පහන්තුඩාව ඇල්ල

ඊට හේතුව තමා එහි පිහිටීම හා ස්වභාවයයි.මෙම දිය ඇල්ලට පහන්තුඩාව යන නම ලැබෙන්නේද එහි ස්වභාවික පිහිටීම නිසාය.

ඒ මොකද දන්නවාද මෙම දියඇල්ලේ වතුර වැටෙන ජල තටාකය පහනක හැඩයෙන් යුක්තයි. ඒවගේම එම ජල තටාකයට දිය ඇල්ලෙන් වතුර වැටෙන්නේ පහනක තිරයක විලාසයෙනි. 

එනිසා මෙයට පහන්තුඩාව ඇල්ල යනුවෙන් හදුන්වනු ලබනවා..ආහ්.. ඔයාලට මතක ඇතිද අපි කලින් දවසක කතා කරපු හාවාගල අන්න ඒ කදුමුදුනින් තමා මේ ඇල්ලට ආරම්භය දෙන්නේ...

ජෛව විවිධත්වය අනූන සුන්දර පරිසර පද්ධතියක පිහිටා තිබීම තවත් වැදගත් අංගයකි. වටිනා ශාක විශේෂ ,සත්ත්ව විශේෂ මෙම පරිසර පද්ධතිය තුළ දැක ගන්න පුලුවන්..

මේ දිය ඇල්ල සම්බන්ධව තවත් ජනප්‍රවාදයක් තියෙනවා..එක්තරා මිනිසෙකු ඇති වූ පවුල් ආරවුලක් නිසා මෙම ස්ථානයේ ඇති ගලෙහි යමක් කොටා බඩෙහි ගලක් බැඳගෙන මෙම ස්ථානයට පනින ලද බව ද කියවෙනවා...

හැබැයි මෙම ස්ථානයේ දිය නෑම තරමක් ත්‍රාසජනක මෙන්ම අවධානම් සහගතයි..

අධික වර්ෂාවන් සහිත අවස්ථාවලදී දිය ඇල්ලට ඉහළ ප්‍ර‍දේශයන්හි ජල මට්ටම වැඩි වන විට විනාඩි 10ත් 15 ත් අතර කාලය තුල මෙම ස්ථානයේ ජල මට්ටම එකවරම වැඩි වේ.එබැවින් මෙහි දිය නෑම අවධානම් සහගතයි.. පරිස්සමින් හොදේ...

ගමන් මාර්ගය :
කොළඹ - බදුල්ල මාර්ගයේ 155 වැනි කණුව අසල ඇති බෙලිහුල්ඔය තානායම අසලින් ඇති වම් අත පැත්තේ පාරෙන් කි.මී. 2ක් පමණ යා යුතුය.

Pahanthudawa

Located from about 1.5km off the small town of Belihuloya in Sabaragamuwa Province, the breathtaking waterfall has always been a serene sight for everyone who enjoys the comfort of bluish waters. The waterfall is a branch of the Belihuloya reservoir which falls across the limits of sabaragamuwa. 

The waterfall is named as “pahanthudawa” as it forms at the base, a pool in the shape of the wick of the lamp. Reaching the top of the fall itself is quite a hike as it runs through the jungle but upon reaching its top and enjoying the beauty you will realize it’s never a waste. The waterfall also powers a small hydro power plant which supplies water for the locality. The place is ideal for a stop on the way while on long journey and a must visit for every waterfall lover.

පින්තූර මුල් අයිතිකරු සතුයි 📸🙏 Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පහනක හැඩයෙන් යුතු - පහන්තුඩාව ඇල්ල 🪔🏊🏻‍♂️ (Pahanthudawa Falls) පහනක හැඩයෙන් යුතු - පහන්තුඩාව ඇල්ල 🪔🏊🏻‍♂️ (Pahanthudawa Falls) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 21, 2020 Rating: 5

0 comments:

Post a Comment