හුම් හුම් ගානා - හුම්මානය ⛲️⛰(Hummanaya Blow Hole)

හුම් හුම් ගානා - හුම්මානය ⛲️⛰(Hummanaya Blow Hole) - Your Choice Way
අද අපේ කතාව ස්වභාවික වතුරමලක් ගැන. ලෝකයෙන්ම දෙවෙනි විශාල ස්වභාවික වතුරමල...

දකුණු වෙරලේ පිහිටි ස්වභාව ධර්මයා විසින් කරන ලද අපුරු නිර්මාණයකි. හුම්මානයට දකුනේ බස් වහරෙන් “ කරිජ්ජමාලාව ” කියා ද හදුන්වයි. මාතර – හම්බන්තොට මාර්ගයේ 184 කි.මි කනුව අයත් වන්නේ නාකුළුගමුවටයි. 

නාකුළුගමුවෙන් හැරී වෙරල තීරයට පිවිසිමට ධාන මාර්ගයෙන්හැරී කි.මි1.5 පමන දුර ගෙවන විට කුඩා වැල්ල - වැලි කැලේ වෙරළ තීරයේ කදු ගැටයක් මත මෙම අපුරු ජල මල ස්ථානගතවේ.

මුහුදු රැල්ලේ පීඩනයත් සමග විහිදී යාමට පෙර එක දිගට “ හුම්” ලෙසින් මුමනන හඩක් පිට කරනා බැවින් හුම්-ගාන ය හුම්මානය වු බවකියවේ. 

තවත් පැහැදිලි කරොත්, මෙම අපූර්වතම වතුර මලට හුම්මානය නමින් ව්‍යවහාර වීමට මෙම ශබ්දය ඉවහල් වූ බව පෙනේ. හූම්+ගානය හුම්මානය වූ බවත් සමහර වැසියන් පවසන පරිදි හු+මානය හුම්මානය ලෙස භාවිතයට පැමිණි බවත් ඔවුන්ගේ අදහසයි.

ඔයාලා දන්නවද අපේ රටේ ඇති මෙම හුම්මානය ලෝකයේ වෙනත් රටවල ඇති හුම්මාන හය අතරින් විශාලත්වයෙන් දෙවන තැන ගන්නා බව. 

නිරිත දිග මෝසම් වාරකන් සමයේ මුහුදු රල වේගවත්වු විට හුම්මානය වඩාත් ක්‍රීයාශීලි වි අඩි 40-50 පමන උසට අහස දෙසට ජල මලක්ව විහිදී යන අයුරු දක්නට ලැබීම අසිරියකි. හුම්මානය අසලදී කෑ ගැසීම, හූ කීම හුම් හඩට සමාන ශබ්ද නැගීම අත්පුඩි තැලීම හුම්මානයේ ක්‍රීයාකාරිත්වය ඉහල නැංවීමට හේතුවන බව ගැමියන් අතර මතයක් පවතී.

ශ්‍රී ලංකාවේ හුම්මාන 2 ක් පිහිටා තිබෙන අතර එයින් එකක් ගාල්ලේ උණවටුන වෙරළ තීරයේත්, අනෙක හම්බන්තොට කුඩාවැල්ල වෙරළ තීරයේත් පිහිටා තිබේ.

මේ දෙක අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන්නේ තංගල්ල කුඩාවැල්ල මුහුදු තීරයට යාබදව ඇති හුම්මානයයි.

ඔයාලා දන්නවාද හුම්මානය අසල දී සිදුවූ බොහොමයක්‌ ජීවිත හානි සිදුවී ඇත්තේ නොසැලකිලිමත් ලෙස ගල්තලාවෙන් පහළට බැස නැරඹීමට යැමෙනි.

මෙලෙස වතුර මලක් වගේ වතුර උඩට එන්න හේතුව මේකයි..ගොඩබිම දෙසින් පිහිටි විශාල පාෂාණ දෙකකට මැදිව පිහිටි කපොල්ලක්‌ තුළින් ඉහළ පීඩනයත් සමඟ අඩි 100-150 ක්‌ තරම් ඉහළට වතුර මලක්‌ ආකාරයෙන් විහිදී යයි. 

මෙසේ වන්නේ මෙහි පිහිටා ඇති තද පාෂාණ ස්‌ථරයේ මුහුදු මට්‌ටමේ ඇති කවාකාර ගුහාව තුළට දෙපැත්තකින් පැමිණෙන මුහුදු ජල තරංග එකට එකතුවී ඒ තුළට වේගයෙන් ගලායැම නිසා ඇතුළත හටගන්නා පීඩනය ජලය ඉහළට එසවීමට සමත් වෙයි.

Hummanaya Blow hole

Hummanaya Blowhole is the only known blowhole in  Sri Lankaand it is considered to be the second largest blowhole in the world. Hummanaya refers to the noise, "hoo", that can be heard a distance away when the blowhole is active.

Known to be the second largest in the world and the largest in Sri Lanka alone, discover the Hummanaya Blow Hole while you explore the southern coast! Located in Kudawella, a little after the bustling town of Matara; the Hummanaya Blow Hole can be accessed by a short 5-10 minute walk through a small, quiet village dotted with local vendors selling handicrafts, street food and refreshing beverages. Enjoy scenic views of the beautiful blue coast as you trek along the pathway leading to the attraction. After the main entrance and ticket counter, trek through rugged terrain before reaching this natural attraction. The blow hole attracts tourists from around the world to witness its magnificence.  

The Hummanaya Blow Hole is a natural wonder that sprays a jet of sea water into the air between two giant rocks; sometimes reaching heights of over 80 – 100 feet.
හුම් හුම් ගානා - හුම්මානය ⛲️⛰(Hummanaya Blow Hole) - Your Choice Way

හුම් හුම් ගානා - හුම්මානය ⛲️⛰(Hummanaya Blow Hole) - Your Choice Way

හුම් හුම් ගානා - හුම්මානය ⛲️⛰(Hummanaya Blow Hole) - Your Choice Way

හුම් හුම් ගානා - හුම්මානය ⛲️⛰(Hummanaya Blow Hole) - Your Choice Way

හුම් හුම් ගානා - හුම්මානය ⛲️⛰(Hummanaya Blow Hole) - Your Choice Way

හුම් හුම් ගානා - හුම්මානය ⛲️⛰(Hummanaya Blow Hole) - Your Choice Way

හුම් හුම් ගානා - හුම්මානය ⛲️⛰(Hummanaya Blow Hole) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
අපගේ android app එක


උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හුම් හුම් ගානා - හුම්මානය ⛲️⛰(Hummanaya Blow Hole) හුම් හුම් ගානා - හුම්මානය ⛲️⛰(Hummanaya Blow Hole) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 11, 2020 Rating: 5

0 comments:

Post a Comment