දකුණු පැත්තට නිදාගන්න එපා (Do Not Sleep On The Right Side)

දකුණු පැත්තට නිදාගන්න එපා (Do Not Sleep On The Right Side)
අජීර්ණය සහ කොන්දේ වේදනාව වැනි බරපතල නිදන්ගත ගැටළු සමහරක් වැරදි ලෙස නිදා ගන්නා ඉරියව් වලින් ඇතිවිය හැක. හොඳ රාත්‍රී නින්දක් කෙතරම් වැදගත් දැයි අපි කවුරුත් දන්නා කරුණක්. නමුත් එය හුදෙක් අපේ සැප පහසුව සදහා පමණක් නොව එය අපගේ ශරීරයට වඩාත් සුදුසු දේ පිළිබදවත් අවධානය යොමුකළ යුතු කරුණක්. ඇත්තටම නිදා ගැනීම කොතරම් වැදගත් ද කිවහොත් එය අපේ ජීවිතයේම කොටසක් වී ඇත. එම නිසාම නිවැරදි ක්‍රමයට නිදාගැනීමේ පුරුදු ඇති කර ගැනීම පිළිබදව නැවත සලකා බැලිය යුත්තේ එබැවින්ය.අද අපි ඔයාට පැහැදිලි කර දෙන්නට සූදානම් වන්නේ දකුණු පැත්තට වන්නට හා මුනින් අතට නිදා ගැනීම නිසා අපට එදිනෙදා ජීවිතයේ මුහුණ දීමට සිදුවන ගැටළු පිළිබදවයි.එමගින් අජීර්ණයක් ඇති විය හැක.

ඔයා නිදා ගන්නා විට දකුණු පසින් හෝ කෙළින් වැතිර සිටීම මගින් ඔයාගේ කොන්දේ ගැස්ට්‍රොසොෆේජල් ප්‍රත්‍යාවර්ත රෝග (GERD) නමින් ගැටලුවක් ඇති විය හැක. නැතහොත් දැනටමත් එම තත්වය අත්විඳින ඕනෑම කෙනෙකුට මෙය තවත් උග්‍ර විය හැක. මෙය සිදුවන්නේ උදරයේ ඇති ඇසිට් අන්නසෝත්‍රය දිගේ ගමන් කිරීමට පටන් ගැනීමෙන්ය. කපාටය තුළ ඇති ඇසිට් උදරයෙන් පිටතට යෑම වළක්වා ගත නොහැකිව ආමාශයේ ඇති ඇසිට් අන්නසෝත්‍රය දිගේ පහළට ගෙන ගොස් එමගින් අජීර්ණය, වේදනාව, ඇසිට්වල ආම්ලික රසය මුඛයට දැනීම, හුස්ම ගැනීමේ අපහසුව සහ සමහර විට පපුවේ වේදනාව පවා ඇති විය හැක.

වඩාත් සුදුසු වන්නේ :ඔයාගේ වම් පැත්තට වන්නට නිදාගෙන සිරුර ඉහළට ඇල කරන්න. GERD තත්වය අත්විඳින අයට අජීර්ණය සමනය කිරීමට සහනයක් දැනීම සදහා මෙම ක්‍රමය උපකාරී විය හැක. මෙලෙස නිදා ගැනිමේදී ආමාශය නිසි තත්වයේ පවතින අතර ආහාර ආමාශයේ තබා ගැනීමට බල කරන අතර ඇසිට් ආමාශයේ ඉහළ ප්‍රදේශයට හෝ අන්නසෝත්‍රයෙන් කපාටයෙන් පිටතට කාන්දු නොවේ.

එමගින් ඔයාගේ කොඳු ඇට පෙළට හා පිටුපසට බලපෑම් ඇති කළ හැක.මෙම නිදා ගැනීමේ ඉරියව්ව නිදන්ගත පිටුපස වේදනාවලට සම්බන්ධ බව විශේෂඥයෝ පවසනවා. මෙම ඉරියව්වෙන් රාත්‍රිය පුරා ඔයාගේ පිටුපසට හා කොඳු ඇට පෙළට ඇතිවන පීඩනය අතිශයින්ම අධික වන්නේ ඔයාගේ බර බොහෝමයක් එම ශරීර කොටස් රඳවා ගෙන ඇති බැවිනි. කොඳු ඇට පෙළ ස්වාභාවිකව පිහිටා ඇති ස්ථානයේ නොතිබූ විට හා ඔයා එම ස්ථානය වෙනස් කරන විට ඉඳහිට අධික වේදනාවක් දැනෙන්නේ මෙම හේතුව නිසයි.

වඩාත් සුදුසු වන්නේ :ඔයාට වෙනත් ආකාරයකින් නිදාගත නොහැකි නම් ඔයාගේ කොඳු ඇට පෙළ ස්වභාවිකව උපකාරී වන අයුරින් නිදා ගන්නා ස්ථානය සකස් කළ හැක. කොට්ට 2 ක් ගෙන එකක් ඔයාගේ උකුලට යටින් සහ තවත් එකක් ඔයාගේ හිස යට තබා ගැනීමට උත්සාහ කරන්න. කෙසේ වෙතත්, පිටුපස වේදනාව අඩු කර ගැනීම සඳහා හොඳම ක්‍රමය වන්නේ ඔයා පිටුපසට වැතිර සිටින විට ඔයාගේ හිස යට කොට්ටයක් සහ ඔයාගේ කකුල් අතර එකක් තබාගෙන එකම ආකාරයේ නිදා ගැනීමයි.

එමගින් නිදන්ගත බෙල්ලේ ගැටළු ඇති කළ හැක.ඔයා බෙල්ල පැත්තකට හරවා නොගන්නේ නම් මුනින් අතට නිදා සිටියදී නිසි ලෙස හුස්ම ගැනීමට අපහසු විය හැක. මෙම නින්දේ පිහිටීම හර්නියා වැනි නිදන්ගත බෙල්ලේ ගැටළු වර්ධනය වීමට හේතු විය හැක. මන්ද ඔයාගේ හිස සහ කොඳු ඇට පෙළ තිබෙන ආකාරය නොගැලපෙන අතර මේ නිසා ඔයාගේ බෙල්ල ඇඹරීමට බල කෙරෙයි. කොඳු ඇට පෙළේ අස්ථි මාලාව කවයකින් ආරක්ෂා කර ඇත. නිරන්තරයෙන් දුර්වල නින්දක සිටීමේදී එම කවයේ ඇති ජෙලටින් කොටස් වලට හානි සිදුවිය හැකි අතර නිදන්ගත වේදනාවක් ඇති වනනේ මෙම නිසයි.

වඩාත් සුදුසු වන්නේ :ඔයාගේ මුළු ශරීරයටම වඩාත් සුදුසු ස්වභාවික නිදා ගැනීමේ ඉරියව්ව වන්නේ කෙළින් නිදා ගැනිමයි. ආතරයිටිස් රෝගය නිසා නිදන්ගත කොඳු ඇට පෙළේ වේදනාව ඇති අයට වෛද්‍යවරු මෙම ක්‍රමය යෝජනා කරනවා. ඔයාගේ බෙල්ලට යටින් ෆෝම් පිලෝ එකක් තබාගෙන නිදා ගැනීම වඩාත් සුදුසුයි. ඔයාගේ බෙල්ලේ බර හා පීඩනයෙන් සම්පූර්ණයෙන්ම මිදීමට එක් එක් අත යට කොට්ටයක් උත්සාහ කළ හැක.

එමඟින් දරුවාට අමතර පීඩනයක් එල්ල කළ හැක.ඔයා මවක් වීමට සූදානම් නම් දරුවාට පමණක් නොව ඔයාගේ සෞඛ්‍යය හා සුවපහසුව සඳහාද නිදාගැනීමේ පුරුදු ගැන වැඩිපුර සැලකිලිමත් විය යුතුයි. ඔයා මුලින්ම මුනින් අතට නිදා ගැනීමෙන් වැළකිය යුතු වන්නේ ශරීරයේ මැද ඇති අමතර බර ඔයාගේ කොඳු ඇට පෙළට අධික පීඩනයක් ඇති කරන බැවිනි. ඊටත් වඩා, මෙම ඉරියව්ව මගින් දරුවාගේ ඇඳ සහ කොඳු ඇට පෙළ අතර මිරිකෙන බැවින් නිදහසේ ගමන් කිරීමට අවශ්‍ය ඉඩ ලබා නොදේ.

වඩාත් සුදුසු වන්නේ :මෙම තත්වය මගින් රුධිර ප්‍රවාහය වැඩි කරන අතර මව සහ දරුවා යන දෙදෙනාටම උපරිම ඔක්සිජන් මට්ටම ලබා දෙන බැවින් වෛද්‍යවරු සියළුම ගර්භනී කාන්තාවන්ට ඔවුන්ගේ වම් පැත්තට වන්නට නිදා ගැනීමට උත්සාහ කරන ලෙස උපදෙස් දෙනවා.

එමගින් මුහුණේ රැළි ඇති විය හැක.ඔයා මුනින් අතට නිදා සිටින විට මුහුණේ පැත්තක් කොට්ටය මත තිබීම වැළැක්විය නොහැක. ඔයාගේ මුහුණේ සම දෙපස ඇතිවන පීඩනයත් සමග කාලයත් ගත වනවිට මුහුණේ රැළි ඇති විය හැක. මෙය ඔයාගේ මුහුණට කළ හැකි නරකම දෙය බව අධ්‍යයනවලින් පවා හෙළි වී තිබෙනවා.

වඩාත් සුදුසු වන්නේ :රැළි වළක්වා ගැනීම සඳහා ඔයා කෙළින් නිදා ගැනීම හොඳම විසඳුමයි. ඔයාගේ මුහුණ කොට්ටය මතට තල්ලු වෙන්නේ නැහැ. ඔයාගේ සමේ සිදුරුවලට හුස්ම ගැනීමට හැකියාව ඇති අතර ඕනෑම ආකාරයක පීඩනයද වළක්වයි.

එමගින් ඔයාගේ පියයුරු මත අනවශ්‍ය පීඩනයක් එක් කරන අතර ගැටළු ඇති කළ හැක.

කාන්තාවක් ලෙස, නිරෝගී පියයුරු ලබා ගැනීම පිළිබදව දැනගැනීම ඉතා වැදගත් වෙනවා. ප්‍රවීණයන් පවසන පරිදි ඔයාගේ පපුවට අනවශ්‍ය පීඩනයක් එල්ල වන විට එමඟින් සමහර අවස්ථාවල වේදනාව ඇති විය හැක. අනෙක් අතට ඔයා පැත්තකට වන්නට නිදාගැනීමෙන් කාලයත් සමඟ පියයුරු ගිලිහී යා හැක. මන්ද ගුරුත්වාකර්ෂණය ස්වභාවයෙන්ම ඒවා පහළට ඇද දමන නිසයි.

වඩාත් සුදුසු වන්නේ :කෙළින් නිදා ගැනීමට උත්සාහ කරන්න. ඔයාගේ පපුවට අමතර පීඩනයක් එක් නොකර ඔයාගේ පියයුරු සැහැල්ලුවෙන් තබා ගැනීමටද මෙය උපකාරී වෙනවා.

බෝනස් කොටස : ඔයාගේ වම් පැත්තට නිදා ගැනීමෙන් හොද හෘද සෞඛ්‍යයක් ලබා ගන්න.

වම් පැත්තට වන්නට නිදා ගැනීමෙන් හෘදයේ ක්‍රියාකාරිත්වය වඩා හොඳින් පවත්වා ගත හැක. වෛද්‍යවරයකු පැහැදිලි කරන පරිදි විශාල කාර්ය භාරයක් ඉටු කරන හදවත ගුරුත්වාකර්ෂණ ශක්තිය නිසා වඩාත් කාර්යක්ෂමව හා වඩාත් විවේකීව ක්‍රියා කරයි.

මෙය රුධිර සංසරණය වඩාත් සුමටව ක්‍රියා කිරීමටද හේතු වෙනවා.අපි කාටත් හොඳ රාත්‍රී නින්දක් තිබීම ඉතා වැදගත් වෙනවා. ඔයාගේ ප්‍රියතම නිදාගැනීමේ ඉරියව්ව කුමක්ද? ඔයාට උපරිම විවේකයක් ලබා ගැනීමට උපකාරී වන විශේෂිත පුරුදු තිබෙනවාද? අදහස් දැක්වීමේදී ඔයාගේ අදහස් අපත් සමග බෙදා ගන්න.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දකුණු පැත්තට නිදාගන්න එපා (Do Not Sleep On The Right Side) දකුණු පැත්තට නිදාගන්න එපා (Do Not Sleep On The Right Side) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 16, 2020 Rating: 5

0 comments:

Post a Comment