දරුසම්පත් හිමි කරගන්න පුජාවක්

අධ්‍යාත්මික ආලෝකය ලැබීමෙන් මිනිසා දේවත්වයට පැමිණේ. මිනිස් ජීවිතය බලාපොරොත්තු රහිත අවස්ථාවන්හි සැලකිය යුතු වෙනස්වීම්වලට පෙරළෙන්නේ මේ අධ්‍යාත්මික ආලෝකයේ බලයෙනි. සිරුරේ ජරා ජීර්ණත්වය, සිතෙහි පහළවෙන මමත්වයත් ජීවිතය ඉදිරියෙහි පවත්නා අන්ධකාරයත්, ක්‍රමයෙන් අමරණීයත්වයට, ඍජු බවට සහ ආලෝකයට හරවා ගැනීමට යෝග ධර්ම හැදෑරීම අවශ්‍ය වේ. මිනිස් සිරුර, සිත සහ ආධ්‍යාත්මය ක්‍රියාවෙහි යෙදෙන්නේ ඒ එකිනෙකට අනුරූපවූ ද්‍රව්‍ය, චෛතසික සහ ආධ්‍යාත්මික තලයන්හී යයි කල්පනා කල යුතුය.

දියුණු කල සිත මහත් බලයකි. ඉන් කල හැකි ක්‍රියා අතර රෝගීන් සුව කිරීම, ද්‍රව්‍යයන් වෙනස් කිරීම සහ සිත්හී පහලවන බිහිසුනු රූප නැති කිරීමද වේ. චෛතසික බලය ඉපදවූ තැනැත්තා ස්වකීය ආත්මය වැඩුනු මල් කැනක් මේන් පුබුදුවයි. ඔහු ආශ්‍රයට පැමිණෙන බොහෝ දෙන ඒ ආත්ම පුෂ්පයෙන් විහිදෙන සුවඳින් ප්‍රමුදිත වෙයි. ආත්මාලෝකය ලැබූවෙකු ආදර්ශයට ගැනීමෙන් පහත් දිවි පෙවෙතක් ඇත්තෙකුට වුවද ආධ්‍යාත්මික බලයක් ඇතිකර ගැනීමේ මාර්ග යට පිවිසිය හැක.සමාධී සෙවණට දිනකට විශාල ප්‍රමානයක් දුරකථන ඇමතුම් ලැබේ. ඔවුන් සියළු දෙනාම මා හමුවීමට දැඩි කැමැත්තක් දක්වයි. නමුදු දිනයක්, වේලාවක්, වෙන් කරවාගෙන ඔබ මා හමුවන්නේ නම්, එය ඔබටත්, මටත් විශාල පහසුවක් බව දැනුම් දෙන්නේ ඉතා ගෞරවයෙනි. ඇතම් අය දුරකථන ඇමතුම් ලබා දී අසන්නේ දරු පිළිසිඳ ගැනීමකට නම් බෝධි පූජා තබන ආකාරය ගැනයි. එක් එක් අයගේ කර්මය සහ ඕරා ශක්තිය අනුව බෝධි පූජා පවත්වන ආකාරය සහ වත් පිලිවෙත් වෙනස් වේ- එසේම සජ්ජායනා කල යුතු පිරිත් ද වෙනස් වේ.

එන් දිනක් මා රාත්‍රියේ ලොව්තුරා බුදු පියානන් වහන්සේගේ ද්‍රෝනයක් වූ ධාතුන්වහන්සේලා නිදන් කර ඇති රුවන්වැලි මහ මළුවේ බවුන් වඩමින් සිටි යෙමි. ඒ අසල ම යුවලක් ඉතාම ශබ්දනගා ඉතිපිසෝ භගවා ගාථාව විශාල වාර ගනනක් සජ්ජායනය කරන ආකාරය මට ඇසුනි. භාවනාවෙන් ඔවුන් දෙදෙනා කුමක් සඳහා මෙම ගාථාව සජ්ජායනා කරන්නේදයි මා බැලුවෙමි. විවාහ වී වසර ගනණාවක් වුනත් ඔවුන්ට දරුසම්පත අහිමි වී ඇති බව මා වටහා ගතිමි. ඔවුන් දෙදෙනාට මා කථාකර සජ්ජායනය කල යුතු ගාථාව කුමක්ද කියා වටහා දුන්නෙමි. මාගේ ලිපිනය සහ දුරකථන අංකය පෙරත්ත කොට ඉල්ලා සිටියත්, මා එය ඔවුනට ලබාදුන්නෙ නොදුන්නෙමි.

ඔහු ලංකාවේ ප්‍රසිද්ද වාදන කන්ඩායමක වයලීන් වාදකයෙකි .ඔවුන්ගේ කර්ම ශක්තිය හීන වී පැතුම් ඉටුවන්නට රුවන්වැලි මහා සෑයට පූජා කටයුතු කරන ආකාරයද මම ඔවුනට කියා දුන්නෙමි. මා සජ්ජායනා කරන්නට ඔවුන්ට කියූ ගාථාව කියමින් රුවන්වැලි මහා සෑය වටේ පැදකුණු කරනවා දුටුවවෙමි. පසු කාලක රාත්‍රියකදී ඇය ගැබ්බරව සුදු මල් වට්ටියක්ද රැගෙන ස්වාමි පුරුෂයා සමග නැවත රුවන්වැලි මහා සෑය වදින්නට පැමිණ සිටිනවා දැකීම මගේ සිතට සතුටක් ගෙන දුනි. සුදු මල් වට්ටියක්, ලොව්තුරා බුදු පියානන් වහන්සේගේ ද්‍රෝනයක් වූ ධාතුන්වහන්සේලා නිදන් කර ඇති රුවන්වැලි මහා සෑයට පූජා කර ඔබගේ අහිංසක ප්‍රාර්ථනාව කරන්න. එය ඒකාන්තයෙන්ම ඉටු වේවි. ඔබගේ ඉල්ලීම ඉල්ලන්නට කලින් ඉතා පිරිසිදුව කල යුතු වත් පිලිවෙත් තිබෙන බවද ඔබ දත යුතුයි. පිහිටක් අවශ්‍ය ඔබට මා දුරකථනයෙන් පිළිතුරු නොදෙන බවත් ඔබගේ කර්ම ශක්තිය බලා එයට නිසි විසදුම් ලබා ගැනීමට මා හමුවිය යුතු බවත්, ඒ සඳහා දුරකථන ඇමතුමක් ලබා දී දිනයක් වේලාවක් වෙන් කරගෙන පැමිණෙන ලෙසත් ඉතා කාරුණිකව ඉල්ලමි.

තවද මා ශාස්ත්‍ර කියන්නෙකු නොවන බවද ඔබ සිතට ගත යුතුය- ඔබගේ ගැටළුවට මා විසදුම් සොයන්නේ භාවනාවෙන් බවත්, ඔබගේ පැතුම් ඉටුකර ගැනීමට නම් මා නියම කරන වත් පිලිවෙත් ඉතා ශ්‍රද්ධාවෙන් නිසි පිළිවෙලට ඔබ එය කල යුතු බවත් තරයේ මතක තබාගත යුතුයි. තවද“සමාධී සෙවණ ” තවත් එක් ශාස්ත්‍ර පොලක් නොවන බවත්, ඔබගේ ගැටළුව සත්‍ය ලෙසම මාහට පවසා ඔබගේ ඕරා ශක්තිය සහ කර්ම ශක්තිය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව මා ලබාදෙන උපදෙස් අනුව වත් පිලිවෙත් ඉටු කිරීමෙන් සත්‍ය ලෙස ඔබගේ පැතුම් ඉටුවන බව කාරුනිකව දන්වමි. රෝගී පුද්ගලයා තුලිනුත් නිරෝගී පුද්ගලයා තුලිනුත් පින්වත් ඔබ දක්‍ෂ නම් කුසල් අකුසල් මූලයන්ගේ යථා ස්භාවය මතුකොට ගන්න. ඒ මතුකොට ගැනීම තුලම පින්වත් ඔබ සම්මා දිට්ඨියට පත්වීමට අවශ්‍ය කාරණා ජීවිතයට එකතු කොට ගන්න.

ඉහත කාරනය නිසාමයි රෝගියා දේව දූතයෙකු කියන අර්ථය ලොව්තුරා බුදු පියානන් වහන්සේ දේශනා කරන්නේ. ලොව්තුරා බුදු පියානන් වහන්සේ දේශනා කරනවා නිවන් මාර්ගයේ ගමන් කරන පිංවතා තුවාල වලට බෙහෙත් දැමීමට දැන ගත යුතුයි කියලා. මෙහිදී තුවාලය කියන්නේ ආයතන හයයි. මෙම තුවාල ඇතිකරගන්නේ අවිද්‍යාව කියන විසබීජයෙන්. ඇසෙන් රෑප දැක, කනෙන් ශබ්ද අසා, මනසින් සිතුවිලි සිතමින් අකුසල් අරමුනු ඇතිකර ගැනීමෙන් නිරතුරුවම අපි තුවාල වැඩි කරගන්නවා. සත්වයා කියන තුවාලය නිරතුරුවම වේදනා නැමති කෝටුවෙන් හෑරීමට ලක්කර ගන්නවා.

අප අනුන්ගේ තුවාල සනීප කලත් ඇස කන නාසය නිසා භවයට ඔඩුදුවන තුවාල අපි ඇති කර ගන්නවානම් එය අපේ භව ගමනට රිදුම් දෙන තුවාලයක් වෙනවා.එම දේශනාවේම ලොව්තුරා බුදු පියානන් වහන්සේ දේශනා කරනවා නිවන් මාර්ගයේ ගමන් කරන දක්‍ෂයා සුදුසු හොඳ තණ බිම් දැන ගත යුතුයි කියලා. මෙතනදී හොඳ තණ බිම් කියලා ලොව්තුරා බුදු පියානන් වහන්සේ හදුන් වන්නෙ ධර්මධර, විනයධර, මහා සංඝ රත්නයයි- කල්‍යාන මිත්‍ර ඇසුරයි. ඉහත හොඳ තණ බිම් ඇසුරු කිරීම තුලින් භවයට ඔඩුදුවන රිදුම් දෙන තුවාල සනීප කොට ගැනීමට හැකිය.මහගොඩගේ යෝගී තුමා සුබනෙතින් ගෙනෙන විශේෂ ලිපිපෙළක් ඇසුරෙනි. මහගොඩගේ යෝගී තුමා සමාධී සෙවණ කැස්බෑව - 076 3687 313 / 070 3391 162
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දරුසම්පත් හිමි කරගන්න පුජාවක් දරුසම්පත් හිමි කරගන්න පුජාවක් Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 02, 2020 Rating: 5

0 comments:

Post a Comment