පින්නවල ඉපැරණි ගම බලන්න යමුද ❤️🌱🌸🍃🍄🎋 (Let's Go See The Ancient Village)

ඉපැරණි ගම බලන්න යමුද ❤️🌱🌸🍃🍄🎋 (Let's Go See The Ancient Village)
අද අපි කතා කරන්න යන්නේ අපේ අතීත ජන ජීවිතය පිළිබිඹු කරන කැඩපතක් ලෙස නම් කෙරෙන ඉපැරණිගම ගැනයි.

ඉපැරණිගම කියන්නේ එහි නමයි.පින්නවල ‍සුන්දර මා ඔය අසබඩ ඉදි වී ඇති මෙම අසිරිමත් නිර්මාණය හෙවත් ඉපැරණි ගම පින්නවල සංචාරක කලාපයට ගෙන දෙන්නේ ඉමහත් වටිනාකමක් කිව්වොත් නිවැරදී.

ඉපැරණි ගමට පිවිසෙන විට පළමුව හමුවන්නේ වෙද ගෙදරයි. 

සබරගමුවේ රාවණා රජ සමය දක්වා විහිදෙන දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ මනා අවබෝධයක් මෙහිදී ලබාගන්න පුලුවන්.වෙද ගෙදර නැරඹීමෙන් පසු ඔබට හමුවන්නේ ආරච්චි ගෙදරයි. 

පුරාණ ගමක ප්‍රධානියා ආරච්චිලයි.ගමේ උසස්ම තත්ත්වයේ හා පොහොසත්ම ගෙදර ආරච්චි ගෙදරයි. 

මෙහි පැමිණෙන අයට ආරච්චි ගෙදර සිටින ආරච්චිලා පැරණි ගම පිළිබඳ සියලු විස්තර කරන අතර ඔහු පාවිච්චි කළ පැරණි බඩු බාහිරාදිය ද මෙහිදී දැක ගන්න පුලුවන්.

අප හට ආරච්චිලාගේ ගෙදරින් පසු හමුවන්නේ මහ ගමරාලගේ ගෙදරයි.මෙම නිවස කටු මැටියෙන් සාදා ඇති අතර පොල් අතු සහ පිදුරු සෙවිලි කර තිබෙනවා.

ඉපැරණි ගමරාලගේ නිවසක තිබුණු සියලු උපකරණ මෙහිදී මනා ලෙස දැකගන්න පුලුවන්.ඒ වගේම කුඹල් ගෙදර සජීවි කුඹල් කරුවන් ඉන්නවා.

ඔවුන් සිය වෘත්තියේ නියැළෙන අයුරු දැක බලා, ඔවුන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමටත් ඔබට මෙහිදි අවස්ථාව හිමිවනවා.

ඒ විතරක් නෙමේ පුරාණ ගම්වාසීන් නිතර දෙවේලේ රැස්වෙන කෝපි කඩේට ගොඩ වී ඔබටත් තේ පානය කොට වෙහෙස නිවා ගැනීමටත් අවස්ථාව තියෙනවා.  

පින්නවල ඉපැරණි ගමේ පන්සල හා වැව ද දැකිය හැකි අතර පුරාණ ගමක සශ්‍රීකත්වයේ සංකේතය වැවයි. 

ඉපැරැණි ගම නිර්මාණයේ මුඛ්‍යතම අරමුණ වන්නේ සබරගමු පළාතේ අතීත ජන උරුමයන් ඉදිරි පරම්පරාවට පෙන්වීමයි. ඒ වගේම ඉදිරි පරම්පරාව වෙත මේ උරුමය ගෙන යෑමයි. 

ඉපැරැණි ගමට පැමිණෙන ඕනෑම අයෙකුට ඉතිහාසය, කමත, ගැමි ජන සංස්කෘතිය, ඇතුළු ග්‍රාමීය කර්මාන්ත යනාදීය පිළිබඳ අපුරු දැනුම් සම්භාරයක් ලැබෙනවා.. 

ඉපැරැණි ගමක තිබිය යුතු සෑම අංගෝපාංගයක්ම ඇති මේ ඉපැරැණි ගම විසින් කොහොඹා කංකාරිය, සොකරි වැනි දෑ මහජනයාට ප්‍රදර්ශනය කිරීම ද අරඹා තිබෙනවා..ගමේ අසිරිය විදගන්න ඔබත් මෙහි යන්න.

නගරේ දරුවන්ට ගැමි සුවද පෙන්වීමට හොදම තැනක් කිව්වොත් නිවැරදී.පින්නවල ඉපැරණි ගම තවත් සියවස් ගණනාවක් පවතීවායි අපිත් ප්‍රාර්ථනා කරමු.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
ඉපැරණි ගම බලන්න යමුද ❤️🌱🌸🍃🍄🎋 (Let's Go See The Ancient Village) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පින්නවල ඉපැරණි ගම බලන්න යමුද ❤️🌱🌸🍃🍄🎋 (Let's Go See The Ancient Village) පින්නවල ඉපැරණි ගම බලන්න යමුද ❤️🌱🌸🍃🍄🎋 (Let's Go See The Ancient Village) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 28, 2020 Rating: 5

0 comments:

Post a Comment