පළලින් වැඩිම දිය ඇල්ල - බෝඹුරු ඇල්ල 🍃🏔🌾 (Bomburu-Ella 🌿)

පළලින් වැඩිම දිය ඇල්ල - බෝඹුරු ඇල්ල 🍃🏔🌾 (Bomburu-Ella 🌿)
අද අපේ කතාව ටිකක් වෙනස් එනම්, සුන්දර හග්ගල මල් වත්තට ඔබ්බෙන් පිහිටි අපූරු දිය ඇල්ලක්‌ වන බෝඹුරු ඇල්ලයි.

ඔයාලා දන්නවාද මේ දිය ඇල්ල තමා ලංකාවේ පළලින් වැඩිම දියඇල්ල.

නුවරඑළියේ සිට බදුල්ල පාරේ යන විට හග්ගල උද්‍යානය පසුකල විගස වම් අතට දිවෙන මාර්ගයේ ‌ තමා මේ ඇල්ල පිහිටලා තියෙන්නේ.ඒ අසල බෝඹුරු ඇල්ලට යන පාර ලෙස සඳහන් නාම පුවරුවක්‌ද දක්‌නට හැක.

මීටර 60 ක්‌ පමණ උස මෙම ඇල්ල මීටර 15 ක්‌ පමණ පළලින් යුක්‌තයි..හරහට කොටස්‌ 3 කින් කඩා වැටෙන මෙම ඇල්ල වැසි සමයේ එක පොදියට මහ විශාල ජල කඳක්‌ සමඟ පහළින් වැටේ. 

ඉංග්‍රීසි ආණ්‌ඩු සමයේ මෙම ප්‍රදේශයේ ප්‍රචලිත දඩ බිමක්‌වූ අතර මෙම ප්‍රදේශය දුර සිට බැලූකල ඉංග්‍රීසි වී අකුරක හැඩයකට දැක ගන්නත් පුළුවන්. 

ගෝනුන්, මුවන්, වල් ඌරන්, ඉත්තෑවන් සිටින මෙම ඉසව්වේ තිබෙන ශාක වල වටිනාකමද ඉතා වැඩියි.ජෛව විවිධත්වය අතින් පිරුණු මෙම වන පියසේ බොහෝ විහඟ නාදයන්ද කන වැකේ. 

ඇල්ලේ ඝෝෂාව අතිමහත් වන අතර ජල දහරාව බිමට වැටෙන විට නැගෙන පින්න මීටර 30 ක්‌ පමණ දුරට විහිදේ.වනපියසේ සැඟවුණු බෝඹුරු ඇල්ලට වනගත පා ගමනේ දුර කි.මී. 3 කට ආසන්නයි.  

අති දැවැන්ත ගල් බිත්තිවලින් සහ විශාල ගල් පර්වත පිරුණු මිනිස් පහස නොලබන තෙත් කලාපීය වනාන්තරයක දැනුත් අති භයංකර ලෙස කඩා හැලෙන මෙම ඇල්ල ලංකාවේ පළල්ම දිය ඇල්ල බව දැන් ඔයාලා දන්නවා.

අධික වැසි දිනවලදී බෝඹුරු ඇල්ල මීටර් 15 ක් පළලින් මීටර් 60 ක්ම පහළට වැටෙන්නේ එකම සුදු රෙද්දක් විලසිනි. එවන් දිනවල ඇල්ල අසල සිටිය නොහැකිය. මෙම ස්වභාව ධර්මයේ අපූරු මැවිල්ල අප සිත්හි නිදන්ගතව ඇත.

හරිම ලස්සන අත්දැකීමක් මේක වනයක් මැද හුදෙකලාවූ මේ දිය ඇල්ල රැකගැනීම අපේ යුතුකමක්...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

Bomburu-Ella 
Bomburu-Ella falls (also known as Perawella falls) is the widest waterfall in Sri Lanka. It is 50 Meters (165 feet) high and situated in Nuwara Eliya district. Its one of the most amazing waterfall in Nuwara Eliya. The road is in good condition up to the village where you start the mini hike to reach the waterfall.

The walk to the waterfall base requires a bit of a mini hike and climb, But the breathtaking views and the cool weather prevents you from feeling any tiredness at all.

Bomburu Ella is the widest waterfall in Sri Lanka and consists of several small waterfalls grouped together. The source of the falls is a lake located in the central highlands of Sri Lanka
පළලින් වැඩිම දිය ඇල්ල - බෝඹුරු ඇල්ල 🍃🏔🌾 (Bomburu-Ella 🌿)

පළලින් වැඩිම දිය ඇල්ල - බෝඹුරු ඇල්ල 🍃🏔🌾 (Bomburu-Ella 🌿)

පළලින් වැඩිම දිය ඇල්ල - බෝඹුරු ඇල්ල 🍃🏔🌾 (Bomburu-Ella 🌿)

පළලින් වැඩිම දිය ඇල්ල - බෝඹුරු ඇල්ල 🍃🏔🌾 (Bomburu-Ella 🌿)

පළලින් වැඩිම දිය ඇල්ල - බෝඹුරු ඇල්ල 🍃🏔🌾 (Bomburu-Ella 🌿)

පළලින් වැඩිම දිය ඇල්ල - බෝඹුරු ඇල්ල 🍃🏔🌾 (Bomburu-Ella 🌿)

පළලින් වැඩිම දිය ඇල්ල - බෝඹුරු ඇල්ල 🍃🏔🌾 (Bomburu-Ella 🌿)

පළලින් වැඩිම දිය ඇල්ල - බෝඹුරු ඇල්ල 🍃🏔🌾 (Bomburu-Ella 🌿)
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පළලින් වැඩිම දිය ඇල්ල - බෝඹුරු ඇල්ල 🍃🏔🌾 (Bomburu-Ella 🌿) පළලින් වැඩිම දිය ඇල්ල - බෝඹුරු ඇල්ල 🍃🏔🌾 (Bomburu-Ella 🌿) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 06, 2020 Rating: 5

0 comments:

Post a Comment