කුවේණිය උපන් බම්බාව 🙏🍃🌱🎋 (Bambawa Rajamaha Viharaya)

කුවේණිය උපන් බම්බාව 🙏🍃🌱🎋 (Bambawa Rajamaha Viharaya)
අද අපි කතා කරන්න යන්නේ කුවේණිය උපන් ගමේ තියෙන බම්බාව රජමහා විහාරය ගැනයි.කුවණ්නා හෙවත් කුවේණිය උපන් ගම බම්බාව බව විශ්වාස කෙරෙනවා.

නමුත් බොහෝ දෙනෙක් මේ ගැන දන්නේ නෑ.බම්බා නම් වු පාලකයාගේ දියණිය තමා මේ කුවේණිය..  පසුකාලිනව ඇයද බම්බාව පාලනය කල ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රදේශයේ බම්බාව ගමේ තමා මේ බම්බාව රජමහ විහාරය තියෙන්නේ ඓතිහාසික බම්බාව රජමහා විහාරස්ථානයේ වලගම්බා රජ සමයේ සාධක රැසක් දැක ගන්න ලැබෙනවා.

මෙම විහාරස්ථ භූමිය ආශ්‍රිතව පුරාවස්තු රැසක් විද්‍යාමානව තිබෙනවා.එම පුරාවස්තුන්ගෙන් අනාවරණය වන්නේ කුවේණියගේ නිජබිම බම්බාව බවයි.

ඒ වගේම ලක්දිව වංශකථාවේ අභිමානවත් යුගයක් සනිටුහන් කරන ලද වට්ඨගාමිණී අභය නොහොත් වළඟම්බා රජ සමයෙහි ඓතිහාසික සංසිද්ධීන් රැසක් ඉස්මතු කරන පුදබිමක් කිව්වොත් නිවැරදි.

මේ විහාරය හා බැදි ජනප්‍රවාදයක් තියෙනවා ඒ තමා වලගම්බා මහරජතුමා සොළීන්ට විරුද්ධව සේනා සංවිධානය කිරීමේදි බම්බා රාජමහා විහාරයේ පිහිටි ගල් ලෙනද රජුට නවාතැන් ගැනීමට සුදුසු ස්ථානයක් ලෙස තෝරා ගෙන තිබෙනවා.. 

පසුව සොළීන් පැරද වූ වලගම්බා රජතුමා තමන් ආරක්ෂාවට යොදාගත් ගල්ලෙන විහාරයක් බවට පත් කළ බවයි ඉතිහාසයේ සදහන් වෙන්නේ.බම්බාව රජමහා විහාරය යනු එසේ ඇති වූ ගල් ලෙන් විහාරයක්..

ගල් ඇඳ, පුරාණ දේවාලය, උමඟක් ලෙසින්දැක්විය හැකි පටු ගල් ලිඳ, ලෙන් විහාරය හා පැරණි චිත්‍ර, කටාරම් සහිත විශාල ගල්, හැඩ කැපූ පැරණි ගල් කණු, විවිධ තැන්වල ඇති සලකුණු, පැරණි කුඩා චෛත්‍යය, ආදිය මේ අතර වෙනවා.

ඒ වගේම බම්බාව රජමහා විහාර භූමිය තුල ප්‍රදේශයට  අධිපති ගලේබණ්ඩාර දේව අනුහස පෙරදැරිකරගත් ගලේබණ්ඩාර දෙවොලත්, විෂ්ණු, පත්තිනි හා කතරගම ‍යන දේවාල හතරකින් සමන්විතයි.

වත්මනේ බම්බාව රජමහා විහාරය දියුණු තත්වයක පවතින්නේ පැරණි උරුමයද රැකගෙන කිව්වොත් නිවැරදියි.

ඒ සඳහා ඇප කැප වන වත්මන් භාරකාර හිමි පූජ්‍ය ලේනව මංගල හිමිපාණන්ද සිහිගන්වන්නේ නමස්කාර පූර්වකවකවයි.

මෙවැනි ඓතිහාසික වටිනාකම්වලින් යුත් ඉපැරැණි බෞද්ධ සිද්ධස්ථානය නරඹා ඒම පුදබිම් අනාගත පරපුරට දායාද කරන්න උද දෙමූ.

පින්තූර මුල්හිමිකරු සතුයි..📸🙏
කුවේණිය උපන් බම්බාව 🙏🍃🌱🎋 (Bambawa Rajamaha Viharaya) - Your Choice Way

උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කුවේණිය උපන් බම්බාව 🙏🍃🌱🎋 (Bambawa Rajamaha Viharaya) කුවේණිය උපන් බම්බාව 🙏🍃🌱🎋 (Bambawa Rajamaha Viharaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, September 19, 2020 Rating:

0 comments:

Post a Comment