හුදකලාව මවන-මන්නාරම වෙරළ තීරය 🏊🏻‍♂️🏄🌊 (Mannar Beach)

අද අපි කතා කරන්න යන්නේ සුන්දර වෙරළතීරයක් ගැන.හුදෙකලා වෙලා පරිසරයේ සුන්දරත්වය අත්දකින්න කැමති කෙනෙක් නම් කියාපු පරිසරය.ඒ නමින් මන්නාරම් මුහුදු තීරයයි.

මෙහි ගිය ඔබ දන්නවා ඇති මන්නාරම් මුහුදු තීරය කියන්නේ බොහෝ දුරට හුදෙකලා වුණු වෙරළක්.

මේ පැත්තේ නිතරම දැක ගන්න ලැබෙන්නේ බූරු රංචු තමා.

ශ්‍රී ලංකාවේ වයඹ පැත්තට වෙන්න පිහිටලා තියෙන මන්නාරම වෙරළ තීරය දැන් දැන් සංචාරක ආකර්ෂණයක් තිබෙනවා.

හැබැයි ඉතින් ලොකු ප්‍රසිද්ධියක් නෑ.

මන්නාරම වෙරළ අවට තියෙන්නේ ධීවර ගම්මානයක්. මේ ගමේ ජනතාවත් හුදෙකලාව තමා ජීවත් වෙන්නේ.

මුහුදු වෙරළේ තියෙන මනස්කාන්ත සුන්දරත්වය විතරක් හොයන කෙනෙක් නම් ඔබටත් මන්නාරම වෙරළට ඇවිත් ඒ අත්දැකීම ලබා ගන්න පුළුවන් වේවි.

මන්නාරම මුහුද ගැන කියද්දි ජනප්‍රවාද කිහිපයක් හොයාගත්තා.

මන්නාරම මුහුද කියන්නේ අතීතයේ මුතු පර තිබූ මුහුද ක් මුතු බෙල්ලොත් සිටි බව කියවෙනවා.මන්නාරම මුහුදට කුවේණියගේ නෑකමකුත් තියෙනවා.ඒ තමා කුවේණිගේ නැගණිය වූ අල්ලිරාණිගේ කරත්තය මන්නාරම අරිප්පුවේ මුතුපර අතර ගිලී තිබෙන බවයි.

ඔයාලා දන්නව ද මන්නාරමට ආසන්නයේ පිහිටි සාගර කලාපයේ කළ පර්යේෂණයේදී විස්මිත මුහුදු සම්පත් හැත්තෑ හතක් සොයා ගැනීමටත් හැකිවෙලා තියෙනවා.

ඒ කියන්නේ මෙතෙක් ලෝකයේ කිසිම තැනකින් සොයාගත්තේ නැති මුහුදු ජීවීන් කොරල්, ගල්මල් ඇතුළු සාගර සම්පත් වර්ග හැත්තෑ හතක් අලුතින් සොයාගෙන තිබෙනවලූ.

යුධ සමය තුළ කොහොමත් හුදකලා වෙලා තිබ්බ මුහුදු වෙරළක් තමා මේ.

මුහුදු තෘණ ගාල් ඇසුරේ දිවි ගෙවන මුහුදු ඌරා (Sea Cow) නම් දුර්ලභ, රතු දත්ත ලැයිස්‌තුවට නම් ඇතුළත් කර ඇති යෝධ ක්‍ෂීරපායි සත්ත්වයා ඉස්සර නම් මේ මන්නාරම මුහුදේ දැක ගන්න ලැබුනත්.

අද වන විට නම් වද වෙලා ගිහින්.ධීවරයින් ඒ සත්තු දඩයම් කරලානේ.ලස්සන පරිසරයක අත්දැකීම් ගන්න ඔබත් මන්නාරම වෙරළට යන්න.හැබැයි ඉතින් පරිසරය නම් විනාස කරන්න එපා.

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏

Mannar

Mannar formerly spelled Manar, is a large town and the main town of Mannar District, Northern Province, Sri Lanka. It is governed by an Urban Council. The town is located on Mannar Island overlooking the Gulf of Mannar and is home to the historic Ketheeswaram temple.

Mannar is known for its baobab trees and for its fort, built by the Portuguese in 1560 and taken by the Dutch in 1658 and rebuilt; its ramparts and bastions are intact, though the interior is largely destroyed. Formerly the town was renowned as a center of pearl fishing, mentioned in the 2nd-century CE Periplus of the Erythraean Sea. Visually, the modern town is dominated by its Hindu temples, mosques and churches. The Catholic Church has a diocese headquartered in the town. By rail the town is connected to the rest of Sri Lanka by the Mannar Line.

Located in the Northern Province of sunny Sri Lanka, the Mannar district is a significant tourist destination, albeit not for the usual reasons. Boasting of a rich historic and religious heritage, the capital of the district is Mannar Town, and the destination of many a pilgrim, or anyone keen to soak up the abundance of cultural heritage in this far flung region. Located close to tourist hub Jaffna, Mannar too sees its fair share of tourists every year, possibly flowing from all those who make their way to the northern most region of the country. The district possesses numerous tourist attractions, and is thus never short of things to do or see if you ever decide to make it a pitstop on your vacation.








උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හුදකලාව මවන-මන්නාරම වෙරළ තීරය 🏊🏻‍♂️🏄🌊 (Mannar Beach) හුදකලාව මවන-මන්නාරම වෙරළ තීරය 🏊🏻‍♂️🏄🌊 (Mannar Beach) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 13, 2020 Rating: 5

0 comments:

Post a Comment