කෘමින් පලවා හරින ක්‍රම 8ක් (Eight Methods Of Insect Removal)

නිවෙස් ආශ්‍රිතව වාසය කරන මදුරුවන්, මකුණන් සහ කැරපොත්තන් වැනි බොහොමයක් කෘමීන් නිසා අපිට ඇතිවන්නේ අප්‍රසන්න හැගීමක්. මෙම සතුන් මර්ධනය කිරීම සදහා විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ආල්පෙන වර්ග සහ දියර භාවිතා කලත් කුඩා දරුවන්, සුරතල් සතුන් සහ වයස්ගත අයට ඒවා විෂ සහිත වෙන්නට පුලුවන්. දරුවන් සහ සුරතල් සතුන්ගේ නොදැනුවත්කමින් මුඛයේ හෝ දෑස් වල මේ රසායනික ද්‍රව්‍ය තැවරීමක් සිදු වුවහොත් ප්‍රතිපල මාරාන්තික වන්නට පුලුවන්. අපි ඔබ වෙත ගෙන එන්නේ ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කර නිවසේ සිටින කෘමීන් පලවා හරින ආකාරය පිලිබදවයි.ඒ සදහා ක්‍රම 8 ක් ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා.

01.අධික සාන්ද්‍රණයකින් යුතු තෙල් භාවිතා කිරීම.මේ තෙල් වර්ග වලින් සියයට සියයක් කෘමීන් මර්ධනය කිරීම ඔබට අපහසු වූවත් කුඩා දරුවන් සහ සුරතලුන් සිටින නිවෙස් වල ඔබට අනුගමනය කල හැකි පහසුම ක්‍රමය වන්නේ මෙයයි.මේ ක්‍රමය වඩාත් සාර්තක වන්නේ කුහුඹුවන්,මදුරුවන් සහ මකුළුවන් වැනි කෘමීන් සදහායි.වාෂ්පශීලීතාවයෙන් වැඩි තෙල් වර්ග වලට කෘමි සතුන් පළවා හැරීමේ වැඩි හැකියාවක් තිබෙනවා.මෙසේ වාෂ්පශිලීතාවයෙන් වැඩි තෙල් වර්ග සෑම පැයකම පොළව සහ ගෘහ භාන්ඩ මතුපිටට ඉසින්න. උදාහරණයක් ලෙස පෙපර්මින්ට් සහ දෙහි,කපුරු මිශ්‍ර තෙල් වර්ග මගින් ඉතා පහසුවෙන් කෘමි සතුන් පළවා හැරීමට ඔබට පුලුවන්.

02.කපුරු ශාක පත්‍ර පිළිස්සීම.සතුන් සහ කෘමීන් බිය ගැන්වීම සදහා ගින්දර දැල්වීම ඉතා ඈත ඉතිහාසයේ සිට මිනිසුන් විසින් සිදු කරනු ලබන කාර්‍යයක්.කෙසේ වෙතත් එකල වනාන්තර් වල දැල්වූ තරම් විශාල නොවන සුලු ගිනි දැල්වීමක් මගින් කෘමි සතුන් පලවා හරින්නට ඔබට පුලුවන්.කපුරු,දෙහි,පැගිරි වැනි පත්‍ර පිලිස්සීමෙන් ඔබට කෘමී සතුන් පහසුවෙන් විකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙනවා.ඒවායේ දුම කෘමි සතුන්ට විෂ සහිත වන නිසා ඔවුන් ඉතා පහසුවෙන් විකර්ශනය වීම සිදු වෙනවා.එසේම දල්වන ලද අගුරු ගොඩක් මතට දෙහි,කපුරු හෝ පැගිරි පත්‍ර දැමීමෙන්ද ඉතා පහසුවෙන් කෘමි සතුන් විකර්ශනය කර ගැනීමට ඔබට පුලුවන්.

03.තක්කාලි වැවීම.තක්කාලි යනු රසවත් මෙන්ම පෝෂණීය ආහාරයක් වෙනවා. නමුත් එමගින් ඔබගේ ගෙවත්තේ සහ නිවසේ සිටින කෘමීන් පාලනය කොට පලවා හැරිය හැකි බව ඔබ දන්නවාද?තක්කාලි කොල වල අඩංගු සංයෝගයක් වන  IBI 246 නම් සං‍යෝගය කෘමි සතුන්ට විෂ දායක වන නිසා සතුන් ඉතා පහසුවෙන් විකර්ශනය වන බව සොයාගෙන තිබෙනවා.ඔබ සිදු කල යුතු වන්නේ ඔබගේ ගෙවත්තේ තක්කාලි පැළ කිහිපයක් වගා කර ගැනීමයි.එමගින් තක්කාලි ආහාර්‍යට ගන්නා අතරම කිසිදු හානියකින් තොරව කෘමි සතුන් පලවා හැරීමටත් ඔබට හැකියාව ලැබෙනවා.

04.සතුන් විකර්ෂණය කරවන දියර භාවිතා කිරිම.ඔබගේ නිවසේ මිරිස් කුඩු සහ මිරිස් කරල් ආහාරවලට එකතු කරගන්නේ නැත්න්ම නිවසට ආක්‍රමණික සතුන් ඇතුල් වීමේ හැකියාව වැඩි වෙනවා. මෙයට හේතුව වන්නේ කෘමි සතුන්ට මිරිස් කුඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන විෂ සහිත වීමයි.මේ නිසා දියර ඉසින් බෝතලයක් ගෙන එයට සබන් දිය කරන ලද ජලය, මිරිස් කුඩු, තලා ගත් සුදු ළූණු කැබැල්ලක් දමා සතුන් වැඩි වශයෙන් සිටින ස්තාන වලට ඉසින්න. ඉසින අවස්තාවේ දෑත් සහ දෑස් වල නොතැවරෙන ලෙස වග බලා ගැනීමට මතක තබා ගන්න.

05.සුදු ළූනු භාවිතා කිරීම.ඉහතදී සදහන් කල ආකාරයටම මිරිස් කුඩු වලින් කෘමි සතුන් පලවා හැරීමට ඇති හැකියාවම සුදු ළූණු තුලත් ඇති බව සදහන් වෙනවා. මේ නිසා නිතර ආහාරයට සුදු ළූණු එකතු කර ගැනීම, සතුන් වැඩිපුර ගැවසෙන ස්තාන වල කුඩාවට කපන ලද සුදු ළූණු කැබලි කිහිපයක් තැබීමත් ඔබට සිදු කරන්නට පුලුවන්.ඒවායේ ඇති අධික සුවද සතුන්ට විෂදායක වන නිසා කෘමි සතුන් ඉතා පහසුවෙන් විකර්ශනය වීම සිදු වෙනවා.

06.නිවසේ සුරතලෙක් ඇති කරන්න.ඔබගේ නිවසේ මේ වන තුරුත් සුරතෙලෙක් නොමැති නම් හා කෘමි උවදුර නිසා ඔබ විශාල අපහසුතා වලට මුහුණ දී සිටී නම් මේ පියවර ඔබට වඩාත් වැදගත් වෙනවා. පූසන් ජීවත් වන නිවෙස් වල මීයන්,කැරපොත්තන් සහ වෙනත් කෘමීන් ගහණය සැලකිය යුතු මට්ටමින් අඩු වෙනවා.නිතර පූසන් ගැවසෙන ස්තාන වල නොසිට සතුන් වෙනස් වාසස්තාන සොයා යෑම මෙයට හේතුවයි.ඉතා ඉක්මනින් කෘමීන් ගහණය අඩු කර ගැනීමට ඔබට ගත හැකි පහසුම ක්‍ර්‍යා මාර්ගය මෙයයි.


07.L.E.D බල්බ භාවිතා කිරීම.විදුලි බල්බ වලට කෘමි සතුන් ආකර්ශනය වීම සාමාන්‍යෙන් සිදු වන දෙයක්.නමුත් 2016 වසරේ සිදු කරනු ලැබූ පරීක්ෂණයකින් හෙලි වී තිබෙන්නේ සාම්ප්‍රදායික විදුලි බල්බ වලට වඩා L.E.D බල්බ භාවිත කිරීමෙන් සතුන් විකර්ෂණය පහසු වන බවයි.මේ නිසා රාත්‍රී කාලයේ විදුලි ආලෝකය නිසා නිවසට පැමිණෙන සතුන් විකර්ශනය කිරීමට ඔබට L.E.D බල්බ භාවිතා කරන්නට පුලුවන්.

08.කෘමි සතුන් විකර්ශණය කරවන ශාක පැළ කිරීම.ඔබගේ නිවස අවට මදුරුවන් විකර්ශනය කරවන ශාක වර්ග වැවිමෙන් ඔබට පහසුවෙන් සතුන් විකර්ශනය කිරීම සිදු කරන්නට පුලුවන්.පැගිරි කුළයට අයත් ශාක වන දෙහි,ලෙමන් වැනි ශාක සහ ලැවෙන්ඩර්, දාස්පෙතියා වැනි ශාකත් නිවස ආසන්නයේ වගා කරගන්නට ඔබට පුලුවන්. එමගින් ඔබට ස්වාභාවික ආහාර,ගෙවත්තට අලංකාරයක් ලබාගැනීම මෙන්ම මදුරුවන් විකර්ශනය කර් ගැනීමත් සිදු කරගන්නට පුලුවන්.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කෘමින් පලවා හරින ක්‍රම 8ක් (Eight Methods Of Insect Removal) කෘමින් පලවා හරින ක්‍රම 8ක් (Eight Methods Of Insect Removal) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 13, 2020 Rating: 5

0 comments:

Post a Comment