වම් ඇලයට නිදාගැනීම අපිට කොච්චර වැදගත්ද😍(How Important To Us Is Sleeping On The Left Canal)

වම් ඇලයට නිදාගැනීම අපිට කොච්චර වැදගත්ද😍

ඔබ දන්නවාද..?
ප්‍රමාණවත් නින්දක් ලැබීම පුද්ගලයකුගේ යහපත් සෞඛ්‍යයට හොඳ අඩිතාලමක් සපයනවා. එමගින් හෘද රෝග ආතතිය දියවැඩියාව අධි රුධිර පීඩනය වැනි විවිධ ගැටලු සඳහා සාර්ථක විසඳුම් ලබා දෙනවා. පුද්ගලයෙකු නිතරම වම් ඇලයට නිදා ගැනීමෙන් ඔහුට නොසිතන සෞඛ්‍ය ප්‍රතිඵල රැසක් හිමි වන බව ඔබ දන්නවාද?

🌞🌞ඉස්සෙල්ලාම අපිට වැදගත් වන සෞඛ්‍ය ප්‍රතිථල බලමු😍❤️

01 🌎🌎සිරුරේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වෙනවා.

02 🌎🌎ආහාර ජීරණයේ වැඩි දියුණු කරයි

03 🌎🌎ගර්භනී කාන්තාවන්ටත් ඉතාම සුදුසුයි

04 🌎🌎කොඳුඇටපෙල වේදනාව සමනය කරනවා

05 🌎🌎යහපත් හෘද සෞඛ්‍යක් ලබා දෙනවා

හරි දැන් ඔවා වෙන්නෙ කොහොමද කියලා වෙන වෙනම බලමු අපි😍👌✍️

ඉස්සෙල්ලාම 🙄
01 🌎🌞සිරුරේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වෙනවා.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව වම් ඇලයට නිදාගැනීම වසා ගැටිති හරහා සිරුරේ අපද්‍රව්‍ය හොඳින් පෙරීමට උපකාරී වන බව සඳහන් වෙනවා. ඒ වගේම වම් ඇලයට නිදා ගැනීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වය සෞඛ්‍ය සම්පන්න කරනවා. මොළයේ මස්තිෂ්ක තරලයේ විෂ හා අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට වසා පද්ධතිය හරහා හැකියාව ලැබෙනවා.

02 🌎🌞 ආහාර ජීරණයේ වැඩි දියුණු කරයි

ආහාර ජීරණය අඛණ්ඩව සිදුවන අතර නින්දේදී සිදුවන වැදගත් ක්‍රියාදාමයන් මෙහෙයවීම සඳහා ඔබේ ශරීරයට යම් ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. වම්පැත්තේ නිදාගැනීම ආහාර දිරවීමට උපකාරී වන අතර එමගින් ගුරුත්වාකර්ෂණය හරහා ආහාර ඔබේ මහ අන්ත්‍රයට හා පහල බඩවැලට පහසුවෙන් ගමන් කිරීමට අවස්ථාව ලබා දෙනවා. වම් ඇලයට නිදා ගැනීමෙන් ඔබේ ශරීරයේ බඩවැල් පහසුවෙන් චලනය කිරීම සඳහා අවශ්‍ය උපකාර ලබා දෙනවා. එය පහසුවෙන් දවස ආරම්භ කිරීමට හොඳ ක්‍රමයක්.

03 🌎🌞 යහපත් හෘද සෞඛ්‍යක් ලබා දෙනවා

වම් ඇලයට නිදා ගැනීමෙන් හදවතෙන් පිටවන රුධිරය ගුරුත්වාකර්ෂණයේද සහාය ඇතිව හදවත විසින්ම පොම්ප කිරීමේ ක්‍රියාවලිය වඩාත් පහසු කරනවා. එය සමස්ත රුධිර සංසරණ ක්‍රියාවලියම වේගවත් කරනවා.

04 🌎🌞 ගර්භනී කාන්තාවන්ටත් ඉතාම සුදුසුයි

ගර්භණී කාන්තාවන්ගේ ශරීරය තුළ ජීවින් දෙදෙනෙකුට අවශ්‍ය රුධිරය යවන නිසා සෞඛ්‍ය සම්පන්න සංසරණ ඉතාම වැදගත් වෙනවා. මෙම ක්‍රියාවලිය හැසිරවීම සඳහා ගර්භනී සමයේදී කාන්තාවකගේ රුධිර පරිමාව සැලකිය යුතු ලෙස වැඩි වෙනවා. ඇය නිතරම වම් ඇලයට වැතිර සිටීමෙන් එම රුධිරය ගමන් කිරීමට පහසු වෙනවා පමණක් නොව කොඳුඇටපෙල මත ඇගේ ගර්භාෂය නිසා ඇති වෙන පීඩනය අවම කරනවා. මේ නිසා කළලයට ගර්භාෂයට හා වකුගඩු වලට වඩාත් හොඳ රුධිර ප්‍රවාහනය සැපයීමට හැකියාව ලැබෙනවා.

05 🌎🌞 කොඳුඇටපෙල වේදනාව සමනය කරනවා

දුර්වල නින්ද නිසා ඇතැම් විට කොඳුඇට වේදනාව ඇති වෙන්න පුළුවන්. වම් ඇලයට නිදා ගැනීමෙන් එම වේදනාව ක්‍රමයෙන් සමනය කිරීමට හැකියාව ලැබෙනවා. එලෙස සිදුවන්නේ වම් ඇලයට නිදා ගැනීමෙන් ඔබේ කොඳු ඇට පෙළේ ආතතිය අඩු වීමත් වම් ඇලයට නිදා ගැනීමෙන් රුධිර සංසරණයට හිතකර බලපෑමක් ඇති වන නිසා‍ පිටුපස වේදනාවන් අඩු වීමත් යන හේතු නිසයි.

හරි ගොඩක් අය කියයි මට වමට නිදාගන්න හුරු නැ කියලා 🙄නමුත් වම් ඇලයට නිදාගැනීමට හුරු නැති පුද්ගලයෙකුට එයට හුරුවීම මුලදී ටිකක් අපහසුවෙයි. ඒ වෙනුවෙන් ඔවුන්ට නිදන ස්ථානයේ දකුණු පැත්තේ ආලෝක ප්‍රභවයක් සවි කිරීමෙන් වම් ඇලයට හැරී නිදාගැනීමට සහයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබ සතියක් පමණ කාලයක් ටිකක් අපහසුවෙන් මෙම උත්සාහය දැරුව හොත් නින්දෙන් අවදි වන විට ඔබේ සිරුරට වෙනස්ම සුවයක් දැනේවි. මේ නිසාමයි වෛද්‍යවරුන් වම් ඇලයට නිදාගැනීම සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කර තිබෙන්නේ.

ඉතිම් ඔය ක්‍රමය අපි ඔක්කොටම අත්හදා බලන්න පුළුවන් 👌🙈😍
ආය ලිපියකින් හමුවෙමු 😉👈දිලා👌✍️✍️✍️🌎

(විස්තර අන්තර්ජාලයෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල පිටුවෙන් එකතු කල එවාය.)

(උපුටාගැනිමෙදී මුල් අයිතිකරු සුරකින්න Dilhan Sachintha Rathnayaka)

තව ඉල්ලිමක් තියෙ ,පේජ් එකට ලයික් කරන්න ..ලයික් කරපු අය පොස්ට් එකක් සෙයාර් කරන්න😍

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වම් ඇලයට නිදාගැනීම අපිට කොච්චර වැදගත්ද😍(How Important To Us Is Sleeping On The Left Canal) වම් ඇලයට නිදාගැනීම අපිට කොච්චර වැදගත්ද😍(How Important To Us Is Sleeping On The Left Canal) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 01, 2020 Rating: 5

0 comments:

Post a Comment