Scoob! (2020) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන්

Image - amazon
COVID 19 වසංගත තත්වය ‌මේ වෙද්දි මුළු ලෝකෙම අඩපණ කරලා තියෙද්දී, ජන ජීවිතයට ව‌‌ගේම ගෝලීය ආර්ථිකයටත් වෙලා තියෙන බලපෑම සුළුපටු නෑ. මේ තත්වෙ නිසා චිත්‍රපට කර්මාන්තයටත් උදා වුනේ එච්චර හොඳ කාලයක් නෙමෙයි. ඒ හින්දා තමයි සිනමාහල්වල ප්‍රදර්ශනය වෙලා මුළු ලෝකෙම ලොකු කුඩා කාගෙත් ආදරයට, ජනප්‍රියත්වයට පාත්‍ර වෙන්න තිබුනු Scoob (2020) කියන ඒ හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු සුපිරි චිත්‍රපටය ඩිජිටල් මාධ්‍ය ඔස්සේ රිලීස් වෙන්නේ. ස්කූබි ඩූ චිත්‍රපට මාලාවේ සිනමාහල් ප්‍රදර්ශනය වෙනුවෙන්ම නිකුත් කිරීමට තිබුනු මුල්ම ස්කූබි ඩූ ඇනිමේටඩ් චිත්‍රපටය තමයි මේක. වාසනාවකට හෝ අවාසනාවකට ඒ සැලසුම් අසාර්ථක වුනා. ඒ කොහොම වුනත් මේ චිත්‍රපටය වෙනුවෙන් මොන තරම් දැවැන්ත ප්‍රචාරණයක් දියත් වුනාද කියනවා නම් SCOOB නමින් නිල වෙබ් අඩවියක් පවා නිර්මාණය වුනා.
චිත්‍රපටය ගැන ටිකක් කියනවා නම් සුපුරුදු හඬ නළු Fred Welker ඇරුණම මෙහි අනිත් හ‌ඬ කැවීම් ශිල්පීන් විදිහට දායක වෙන්නේ අතිශය ජනප්‍රිය නළු නිළි කැළක් වෙන Will Forte (ශැගී), Mark Wahlberg (බ්ලූ ෆැල්කන්), Jason Isaacs (ඩික්), Gina Rodriguez (වෙල්මා), Zac Efron (ෆ්‍රෙඩී) සහ Amanda Seyfried (ඩැෆ්නි) වගේ අය. මෙහි අධ්‍යක්ෂණය ස්කූබි ඩූ හා ටොම් ඇන්ඩ් ජෙරී ඇනිමේෂන් චිත්‍රපට විශාල සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කරපු Tony Cervone විසින්. ස්කූබි ඩූ චිත්‍රපට මාලාවේ රීබූට් චිත්‍රපටයක් රිලීස් වෙනවා කියලා Warner Bros. සමාගම දැනුම් දීම් කළේ 2014 ඉඳන්. ඒත් අන්තිමේදී ස්කූබි රසිකයන්ට ඒ තෑග්ග ලැබුනේ 2020 දී. ස්කූබියි, ශැගීයී සෙට් වුනේ කොහොමද, ඒ දෙන්නා වෙල්මා, ඩැෆ්නි, ෆ්‍රෙඩී තුන් දෙනා එක්ක සෙට් වුනේ කොහොමද කියන එකට උත්තරයක් හම්බෙන්නේ මේ ෆිල්ම් එකෙන් කියන දේ ඇරුණාම චිත්‍රපටයේ කතාව ගැන වෙන මුකුත්ම නොකියා මේක රස විඳීන්න ඔයාලටම භාර කරන්නම්. මොකද අතිශය ජනප්‍රිය නළු නිළියෝ යොදාගෙන කරපු මේ වගේ දැවැන්ත, සුපිරි ඇනිමේටඩ් ස්කූබි ඩූ නිර්මාණයක් දකින්න ලැබෙන්නෙ ඉතිහාසයේ ප්‍රථම වතාවට හින්දා.

මේ වෙද්දී ස්කූබි ඩූ චිත්‍රපට 43 ක්, ටීවී සීරීස් 14 ක් සහ වීඩියෝ ගේම්ස් 21 ක් නිකුත් වෙලා තියෙනවා. 1968 අවුරුද්දෙි CBS නාලිකාවේ විධායක තනතුරක් හොබවපු Fred Silverman ගේ ඉල්ලීමක් මත, Iwao Takamoto කියන චරිත නිර්මාණ ශිල්පියාගේ සංකල්පයකට අනුව, Hanna-Barbera Productions වෙනුවෙන් මේ කතා මාලාව නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ Joe Ruby සහ Ken Spears දෙදෙනාට.

ඒ වෑයමේ ප්‍රථිඵලයක් විදිහට තමයි 1969 අවුරුද්දෙි CBS නාලිකාව හරහා මුල්ම ස්කූබි ඩූ නිර්මාණය Scooby Doo Where Are You සීරීස් එක විකාශය වීම ආරම්භ වුනේ. ඒත් 1976 අවුරුද්දෙ ඉඳන් ආපු ස්කූබි ඩූ සීරීස් විකාශය වුනේ ABC නාලිකාව ඔස්සේ. ඉතිං 1969 ඉඳන් අද වෙනකම් වසර 51 ක් තිස්සේ තාමත් ලොකු කුඩා කාගෙත් ආදරේ දිනාගන්න සමත් වෙලා තියෙන ස්කූබි ඩූ ගැන කරුණු කීපයක් ඔයාලත් එක්ක බෙදාගන්න මට හිතුනා.

1. ‍මුලින්ම මේ කතා මාලාවේ චරිත වලට දාන්න අදහස් කරගෙන හිටියේ ජෝෆ්, මයික්, ලින්ඩා, කෙලී සහ W.W. කියන නම්. ඒත් ඒ නම් ගැළපෙන්නෙ නෑ වගේ හිතුන හින්දා ඒ අදහස ඉවත් කරගෙන තියෙනවා.

2. ස්කූබි ඩූ කියන නම හැදෙන්න හේතු වෙලා තියෙන්නේ ෆ්‍රෑන්ක් සින්ට්‍රා නම් ඇමෙරිකානු ගායකයගේ Strangers in the Night කියන සින්දුවේ තියෙන ”Doo-be-doo-be-doo” කියන වාක්‍ය කණ්ඩය.

3. ස්කූබි ඩූ නිර්මාණවල හ‌ඬ කැවීම් ශිල්පීන් කාලෙන් කාලෙට වෙනස් වුනත්, A Pup Named Scooby Doo කියන සීරීස් එකේදි හැර, වසර 50 ක් තිස්සේ මේ දක්වා සිදු වූ සෑම ස්කූබි ඩූ නිර්මාණෙකදිම Frank Welker තමන්ගේ හඬ දායකත්වය ලබා දීලා තියෙනවා. දැන් එයාගේ වයස අවුරුදු 74 ක් වෙනවා.
Frank Welker
4. ෂැගී කියන චරිතය මස් වර්ග ආහාරයට ගන්න චරිතයක් විදිහට ඉදිරිපත් කරන්න නිෂ්පාදකයෝ ගත්ත තීරණයට විරුද්ධ වෙලා ෂැගීගේ චරිතයට මුලින්ම හඬ කැවීමෙන් දායක වුන Casey Kasem අවුරුදු 28 කට පස්සේ හඬ කැවීමෙන් ඉවත් වෙලා තියෙනවා.

5. පහුගිය අවුරුදු 50 ඇතුළත ස්කූබි ඩූගේ විශාල නෑදෑ පරපුරක් විවිධ ස්කූබි ඩූ කතා තුළින් අපිට දැකගන්න පුළුවන් වුනා.
ස්කූබි ඩූ පරපුර
6. 2002 වසරේ නිකුත් වුන ස්කූබි ඩූ චිත්‍රපටය එහි ඇතුළත් ඇතැම් දර්ශන හින්දා ළමයින්ට සුදුසු නෑ කියලා තරමක් මතභේදයට හේතු වෙලා තියෙනවා.

7. ඒ වගේම තමයි Scooby Apocalypse නමින් විනාශ වුන ලෝකයක් පදනම් කරගනිමින් වෙනස්ම කොමික් පොත් මාලාවක් 2016 අවුරුද්දෙ ඉඳන් නිකුත් වෙලා තියෙනවා. අපි හිතමු ඉස්සරහ කාලෙකදී මේ කතා ඇසුරිනුත් වෙනස්ම ස්කූබි නිර්මාණ බිහි වෙයි කියලා.
Scooby Apocalypse

එහෙනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න, වැරදි ඇතොත් සමාවෙන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා. හැමෝටම ජය වේවා!
මෙම බයිස්කොප් එක මිලදී ගන්න,
  
👉👇තවත් බයිස්කෝප් පහතින්👇👌

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Scoob! (2020) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන් Scoob! (2020) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන් Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 31, 2020 Rating: 5

0 comments:

Post a Comment