උදෑසනට කොළ කැඳ පානය කරන්න | Your Choice Way

ජීවත්වන ඈත ගම් දනව්වල සමහර ගැමියන් තවමත් උදෑසන ආහාරයට කොළ කැඳ කෝප්පයක් හෝ දෙකක් ගන්නේ ඉන් ලැබෙන ගුණය දන්නා නිසාවෙනි. උදෑසනට කිරි තේ හෝ කහට තේ බොන්නට බොහෝ දෙනා පුරුදුව හිටියත් කොළ කැඳ කොප්පයක් රහ බලා තම දෛනික කටයුතු අරඹන්නේ ප්‍රබෝධයෙන් හා උනන්දුවෙන් යුතුවයි. සිරුරට පහසුවෙන් අවශෝෂණය කරගත හැකි ලෙස කොළ කැඳ සාදාගත හැක්කේ ශාකයක හෝ වැලක කොළ පොතු මුල් සහ අල උපයෝගී කරගෙන දිරවීමට පහසුවන පරිදි සැකසීමෙනි.

වස විසෙන් තොරයි කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු නොවන සිරුරට ශක්තිජනක පානයක් ලෙස වෙසෙසින් ම හඳුන්වා දිය හැකි කොළ කැඳ ඖෂධීය ගුණය ඇති විශේෂිත පානයකි.ඖෂධීය ගුණයෙන් වැඩියි ලංකාවේ සෑම නගරයකම ඈත අතීතයේ උදේට මේ කොල කැද හැදුවා..

ලංකාවේ ගබ්බදව ජීවත්වන ගැමියන් දෛනිකව මෙවැනි ගුණාත්මක බවින් වැඩි කොළ කැඳ වර්ග භාවිතා කරයි. බාල මහළු, රෝගී හා නිරෝගී අයටත් කැඳ වර්ග පානය කිරීම බොහෝ ගුණ දෙන බැවින් සමහරුන් මේ සඳහා ගුණාත්මක බව වැඩි කරගැනීමට දේශීය ඖෂධීය ගුණැති සහල් වර්ග උපයෝගී කරගනියි. වර්තමානයේ වස විසෙන් තොර ආහාර රටාවකට හුරුවන්නට අවශ්‍ය නිසා සාමාන්‍යයෙන් මෙම සහල් වර්ගයන් මිල අධික විම නිසා ප්‍රධාන ආහාරවේලට භාවිතා නොකළත් උදෑසන ඔබේ තේ පානය වෙනුවට මේ දේශීය සහලින් සැදු කොළ කැඳ පානයක් ලෙස ගන්නේ සෞඛ්‍යට වඩාත් හිතකර නිසයි. එසේම කැඳ සැදීම සඳහා ඕතඥදඤඥප එක වෙනුවට පුරාණයේ මෙන් වංගෙඩියේ දමා කොටා ගතහැකි නම් එය වඩා සුදුසුයි. නියම පෝෂණ හා ඖෂධීය ගුණයේ ඉහළ වටිනාකමක් ඒ කැඳවලට ලැබෙන්නේ එවිටයි.

සෞඛ්‍යට හිතකරයි-කොළ කැඳ ප්‍රධාන කොටස් 2 ට ආයුර්වේදයට අනුව පෙන්වා දිය හැකියි. ඖෂධීයව එකක් හා අනෙක පෝෂණීයව කොළ කැඳ ලෙස සිරුරේ පැවැත්මට හා පෝෂණයට අවශ්‍ය වන පරිදි ස්වභාවධර්මයා අපට දායාද කර දී ඇත.

ඖෂධීය කොළ කැඳ-විවිධ රෝගාබාධවලට ඔරොත්තු දිය හැකි කැඳ වර්ග පරිසරයෙන් අපට හමුවේ. මේ අනුව අල වර්ග, කොළ වර්ග, පොතු වර්ග, ඇට වර්ග ඖෂධීය කැඳ ලෙස භාවිතා කෙරේ. ඒ සඳහා උදාහරණ ලෙස කරංපිචා කොළ, කොහිල අල කැඳ, එළබටු දළු කැඳ, හීන් බෝවිටියා සහ මුලින්ම ගෙන සාදාගන්නා කැඳ, ගොටු කොළ කැඳ, යකිනාරං කොළ කැඳ, සහ දිවුල් කොළ කැඳ යනුවෙන් හඳුන්වා දිය හැකියි.

පෝෂණීය කැඳ-මෙහිදී රෝගාබාධයක් නොමැතිව සිටින සිරුරේ හිතකර සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවීමට උදෙසා පෝෂණීය කැඳ ලබාදේ. ඒ වගේ නිරෝගී පුද්ගලයන්ට මෙවැනි කැඳ වර්ග නිර්දේශ කරනු ඇත. උදා – හාතාවාරිය කොළ කැඳ, මොණරකුඩුම්බිය, මුල් හැර අන් සියළුම කොටස් කොළ කැඳ වලට භාවිතා කරයි. ඉරමුසු කොළ කැඳ, මුගුණුවැන්න, කුරක්කන් කැඳ, මුං ඇට කැඳ, බැඳි හාල් කැඳ, මෙනේරි කැඳ, බැඳි හාල් කැඳ-අවශ්‍ය ප්‍රමාණයට හාල් ගෙන සෝදා පිරිසුදු කර කබලෙ දමා බැදගන්න. රන්වන් පාට වන තෙක් බැඳ පසුව එය වෙනම භාජනයකට වතුර සමඟ එක්කර ටික වේලාවක් ගිය පසු පොල්කිරි හා අවශ්‍ය පදමට ලුණු එකතු කර බැඳි හාල් කැඳ සාදාගත හැකියි. ඕනෑම රෝගාබාධයක් සැදී සුව වූ විට පළමුවෙන් ම දෙන්නේ මේ බැඳි හාල් කැඳයි.

මෙහිදී සහල් බැදගත් නිසා පවතින සුවිශේෂී ගුණය වන්නේ අන්ත්‍රවලදී වැඩි ප්‍රමාණයක් හොඳින් අවශෝෂණය කිරීමට හැකිවීමයි. මෙහි දී ක්ෂණික ශක්තියක් ලැබේ. මේ කැඳවල සාන්ද්‍රණය හොඳින් පවතින බැවින් කැඳ සුළු ප්‍රමාණයකින් වුවත් සිරුරේ ශක්තිය ලැබේ. අන්ත්‍රගත රෝගාබාධ වලදී මෙය වඩාත් සුදුසුයි. අන්ත්‍රගත රෝගයේ ඝණ ආහාරයක් ගත්විට එය දිරවීමට අපහසුය. නමුත් බැඳි හාල් කැඳ වලින් ලැබෙන දිරවීමේ පහසුබව නිසා හොඳින් සිරුරට අවශෝෂණය වී පෝෂණය ලැබේ. එවිට ඝණ ආහාර ලබාගැනීමට අවශ්‍ය මුලික පදනම වැටෙනු ඇත.

කරපිංචා කොළ කැඳ-පාරම්පරිකව එන දේශීය වෛද්‍යවරු චිරාත් කාලයක පටන් ගෙන භාවිතා කරන විෂ නසන කරපිංචා කොළ කැඳ විශේෂයෙන් සර්ප විෂට යොදා ගැනේ. කරපිංචා කොළ ඕනෑම අවස්ථාවක දී සර්ප විෂ නසන්නට විශේෂයෙන් දේශීය චිකිත්සාවේ දී ඕනෑම වෛද්‍ය පරම්පරාවකට අදාලව භාවිතා කරයි. කරපිංචා කොළ වංගෙඩියක දමා කොටා ගත් යුෂට පොල්කිරි සමඟ හාල් අවශ්‍ය පමණට එකතු කර ඇති තෙක් ලුණු ද දමා රත්කර කැඳ සදා ගත හැකියි. හාල් එක් කිරීමේදී සුවඳැල් වැනි දේශීය ඖෂධීය හාලක් භාවිතා කරන්නේ නම් උපරීම ප්‍රථිඵල ලබාගත හැකියි.

හීන් බෝවිටියා කොළ කැඳ-දේශීය වෙදකමේ විශේෂයෙන් භාවිතා වන්නේ සෙංගමාලය රෝගටයි. අක්මාව ශක්තිමත් කරන කැඳ වර්ගයකි. මෙහි මුළුමනින්ම ඇත්තේ ඖෂධීය ගුණයයි. සෙංගමාලයට සිදු කරන ප්‍රතිකාර පංතියේදී එක් ඖෂධයක් ලෙස ද හීන් බෝවිටියා කොළ කැඳ ලබාදෙයි. එහි පවතින ගුණ අනුව අද බහුලව පවතින කොලොස්ටරෝල් වලට හිතකර ලෙස ද භාවිතා වේ. ඒ සඳහා ප්‍රතිකාර ගන්නා අතරේ දී අමතර පානයක් ලෙස මෙය එක දිගට දිනපතා එක්වේල බැගින් සතියක් ගැනීමෙන් ඖෂධවල ගුණාත්මක භාවය ලබාගත හැකියි. කැඳ සඳහා බෝවිටිය සහමුලින්ම ගනියි.

කොහිල අල කැඳ-දිනපතා භාවිතා කළ හැකියි. විශේෂයෙන් අර්ශස් රෝගී අයට සුදුසුයි. බඩවැළ පහත්වීම (ගුදභ්‍රංෂය) ගත රෝග තත්ත්වයේදී ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස ගනී. කොහිල අල පොතු හැර මදය කෑලි වලට කපා ගාගන්නා ලද පොල් සමඟ වංගෙඩියේ දමා කොටා මිරිකා ගත් යුෂ සහල් සමඟ රත් කර පදමට ලුණ දමා කැඳ සාදා ප්‍රයෝජනයට ගත හැකියි. මල බද්ධයට විශේෂිතයි. වතුර අඩුවෙන් පානය කරන පිටි සහිත ආහාර ගන්නා අයට මෙය විශේෂිත වේ. එවිට ඔවුන්ගේ මල පිටවීමේ අපහසුව මඟ හරවා ගත හැකියි.

එළබටු කැඳ-විශේෂයෙන්ම ළදරුවන්ගේ සෙම අවස්ථාවලදී භාවිතා කරයි. දළු ගෙන කොටා ගත් යුෂ පසුව පොල් කිරි දමා හාල් ද ඇතුළුව ලුණු දමා රත්කර ප්‍රයෝජනයට ගත හැකියි. ඕනෑම සෙම් හා කැස්ස රෝගයට ගුණ දේ.

හාතාවරිය කැඳ-මෙය පෝෂණීය කැඳකි. හාතාවරිය කොළ කොටා යුෂ මිරිකා ගෙන පොල්කිරි සමඟ මිශ්‍ර කර රත්කර පදමට ලුණු දමා හාතාවරිය කැඳ සාදාගත හැකියි. මෙය ඉතා ප්‍රනීත කැඳකි. සිරුරේ ධාතු ශක්තිය වර්ධනය වෙයි. ක්‍රීඩකයන්ට හා වෙහෙසී වැඩකරන අයට ඉතාම සුදුසු වෙයි.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
උදෑසනට කොළ කැඳ පානය කරන්න | Your Choice Way උදෑසනට කොළ කැඳ පානය කරන්න | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 11, 2020 Rating: 5

0 comments:

Post a Comment