විපින් ක්‍රීම් ගෙදර දීම හදමු ( Let's Make The Whipping Cream At Home) | Your Choice Way

ඔබට මතක ඇති "සරල ක්‍රමයට චොකලට් අයිස් ක්‍රීම්" ලිපියේදී අපි කිව්වා විපින් ක්‍රීම් හදන විදිහ දන්නවා කියලා. ඔන්න ඒ නිසා අපි හිතුවා විපින් ක්‍රීම් ගෙදරදීම හදාගන්නා විදිහ ඔයාලට කියලා දෙන්න.මුලින්ම කියන්න ඕනේ මේ නියමම විපින් ක්‍රීම් නම් නොවේ, විපින් ක්‍රීම් වලට ආදේශකයක් විතරයි.මොකද විපින් ක්‍රීම් ගෙදරදී හදන්න හරි අමාරුයි.මේ අපි හදන විපින් ක්‍රීම් එක යොදාගෙන කේක් අයිසින් වැඩ මූස් වගේ දේවල් හදන්න පුළුවන්.එත් ඉතින් හැමදේම හදන්න නම් බෑ.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • ශීතකළ සම්පුර්ණ යොදය සහිත නැවුම් කිරි 300ml
  • ජෙලටීන් පවුඩර් තේ හැඳි 2ක් හෝ 20g
සාදාගන්නා ආකාරය:
  1. මුලින්ම ශිතකළ කිරි 60ml ක් කුඩා භාජනයකට දමා ගන්න.
  2. දැන් මෙයට ජෙලටීන් පවුඩර් ටික ඉසගෙන ගෑරුප්පුවකින් කළවම් කරගෙන විනාඩි 10ක් පමණ එලෙසම තියන්න.(ස්පොන්ච් ගතියට ටිකක් එබෙන ටිකක් ඝනකම් වූ මිශ්‍රණයක් ලැබේවි.)
  3. දැන් ඩබල් බොයිල් ක්‍රමයට සකසා ගත් කිරි සහ ජෙලටීන් මිශ්‍රණය විනාඩි කිහිපයක් රත් කරගෙන හොදින් දිය කරගන්න.
  4. දැන් දියකර ගත් කිරි සහ ජෙලටීන් මිශ්‍රණය විනාඩි 5ක් පමණ මදක් නිවෙන්නට හරින්න.
  5. පසුව වෙනත් භාජනයක් ගෙන එයට ඉතුරු ශීතකළ කිරි 300ml දමන්න.
  6. එයට දියකර ගත් මිශ්‍රණය එකතු කර හොඳින් ගෑරුප්පුවකින් කළවම් කරගෙන විනාඩි 15-20ක් පමණ ශීතකරණයේ තබන්න.(මිදෙන්නට හරින්නට එපා)                                 
  7. ඉන්පසුව එය ශිතකරණයෙන් එළියට අරගෙන හැන්දකින් ටිකක් කළවම් කරන්න.(උකු ගතියක් දැනේවි.)
  8. දැන් බීටරයකින් හොඳින් බීට් කරගන්න.(ප්‍රමාණයෙන් දෙගුණ වෙලා උකු ඝන ස්වභාවයට විපින් ක්‍රීම් හැදෙනවා දකින්න පුළුවන්.
👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
විපින් ක්‍රීම් ගෙදර දීම හදමු ( Let's Make The Whipping Cream At Home) | Your Choice Way විපින් ක්‍රීම් ගෙදර දීම හදමු ( Let's Make The Whipping Cream At Home) | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2020 Rating: 5

0 comments:

Post a Comment