සරල ක්‍රමයට චොකලට් අයිස් ක්‍රීම් (Chocolate Ice Cream In Simplest Form) - Your Choice Way

වෙනදා වගේ ලොකු ලොකු දේවල් නැතුව ඉතාමත් ඉක්මණින් අයිස් ක්‍රීම් හදන විදිය තමයි මේ කියන්න යන්නේ.මේ ක්‍රමයට හදලා බලන්නකෝ රස කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • ටින් කිරි කෝප්ප 3/4
  • විපින් ක්‍රීම් 250ml (මෙය ගෙදරදීම සාදාගන්න විදිහ පසුව කියන්නම්)
  • චොකලට් කුඩු මේස හැදි 3
සාදන ආකාරය :
මුලින්ම මතක ඇතුව ඔයලා ගන්න විපින් ක්‍රීම් එකයි, තව ටිකක් ලොකු වීදුරු බෝල් එකකුයි ශීතකරණයේ දාලා තියාගන්න. ඊට පස්සේ වෙන භාජනයක් අරගෙන ටින් කිරි ටිකයි චොකලට් කුඩු ටිකයි එකට දාලා ක්‍රීම් එකක් වගේ එනකන් හොදින් මිශ්‍ර කර ගන්න ඕනෙ.

ඊට පස්සෙ අපි කලින් සදහන් කරපු ශීතකරණයේ දලා තියෙන බෝල් එක අරගෙන ඒකට විපින් ක්‍රීම් ටික දාලා අර අපි බිත්තර ගසන අකාරයෙන් විපින් ක්‍රීම් ටික හොදින් ගසා ගන්න ඕනේ. ටික වෙලාවක් යද්දි ඒක ටිකක් ඝන වෙන බවක් ඔයාලට පෙනෙයි. ඊට පස්සේ ඒකට කලින් හදාගත්ත මිශ්‍රණයෙන් ටික ටික දාලා හොදින් මිශ්‍ර කරන්න ඕනේ. ඊට පස්සේ ඒක හොදට මිශ්‍ර වුනාට පස්සේ ඒකේ ප්‍රමාණයට ගැලපෙන කප් එකකට දාලා ශීතකරණයේ පැය 4ක් පමණ තියන්න ඕනේ. මතක ඇතුව පියන තියෙන කප් එකක් යොදා ගැනීම වඩාත් වැදගත් කරුණක් මොකද නැත්නම් අයිස් බැදෙන්න හැකියාවක් තියෙන නිසා.

ඊට පස්සෙ ශීතකරණයෙන් අරගෙන රස බලන්න තමයි තියෙන්නේ. පොඩි අය විතරක් නෙවෙයි ඔයාලා වුනත් ගොඩක් ආස වෙයි මේ අයිස් ක්‍රීම් එකට.

👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සරල ක්‍රමයට චොකලට් අයිස් ක්‍රීම් (Chocolate Ice Cream In Simplest Form) - Your Choice Way සරල ක්‍රමයට චොකලට් අයිස් ක්‍රීම් (Chocolate Ice Cream In Simplest Form) - Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 17, 2020 Rating: 5

0 comments:

Post a Comment