කොරෝනා ගැන චිත්‍රපටයක් | Your Choice Way


ලෝකෙම ඉන්න හිරවෙලා එලියටවත් යන්න විදියක් නෑ ඔන්න මේ කරදර අස්සේ කොරෝනා කියලා ෆිල්ම් එකක් හදලා ලොවම කම්පනය ට පත් කර ඇති කොවිඩ් -19 වසංගතය පසුබිම් කරගනිමින් මේ වන විටත් චිත්‍රපටයක් නිපදවා ඇතැයි වාර්තා වෙයි කොරෝනා යනුවෙන් නම් කර ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරනු ලැබ ඇත්තේ මේ වන විට කැනඩාවේ වාසය කරන ඉරාන සම්භවයක් ඇති සිනමාකරුවකු වන මොස්ටෆා කෙෂ්වාරි විසිනි.

මෙම සිනමාපටය තට්ටු නිවාස සංකීර්ණයක විදුලි සෝපානයක් තුළ සිරවෙන කිහිප දෙනෙකු වටා ගෙතුණු නිර්මාණයක් බැව් සඳහන් වේ මෙම විදුලි සෝපානය තුළ චීන තරුණියක ද සිටින අතර ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සහ ඇයගෙන් තමුන්ට ද එය බෝ විය හැකි බවට සෙසු සියලු දෙනා තුළ විශාල බියක් සැකයක් ඇති වෙයි.

නව කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට පැතිරෙමින් ඇති චීන විරෝධී ජාතිවාදී හැඟීම් පිලිබඳ අවධානය යොමු කිරීම මෙම සිනමාපටයේ අරමුණ බව අධ්‍යක්‍ෂ කෙෂ්වාරි සඳහන් කර තිබිණි තමාට මෙම අදහස ඇති වූයේ පසුගිය කාලයේ චීන සංචාරකයින්ට එරෙහිව එල්ල වූ ප්‍රහාර සහ කෙණහිලිකම් ගැන දැනගැනීමෙන් පසුව බව ද ඔහු පවසා තිබේ.

මෙම සිනමාපටය රූපගත කර ඇත්තේ කැනඩාවේ වැන්කුවර් නගරයේ ය. මේ වන විට එහි වැඩ කටයුතු අවසන්ව ඇති බවත්, එය අන්තර්ජාලය හරහා නිකුත් කිරීමට නිෂ්පාදකයන් අදහස් කරන බවත් සඳහන් වේ.

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොරෝනා ගැන චිත්‍රපටයක් | Your Choice Way කොරෝනා ගැන චිත්‍රපටයක් | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 11, 2020 Rating: 5

0 comments:

Post a Comment