Gemak Deela Song Lyrics - ගේමක් දීලා ගීතයේ පද පෙළ

Gemak Deela Song Lyrics - ගේමක් දීලා ගීතයේ පද පෙළ
Song Title : Gemak Deela (ගේමක් දීලා)
Produced by : Iraj Weeraratne
Lyrics : Iraj Weeraratne


පාර්ලිමේන්තුව, ඔව්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ

උත්තරීතරම ආයතනය
සැබවින්ම එය එසේමද?

කලක එය උගතුන්ගෙන්
බුද්ධිමතුන්ගෙන් පිරී ගිය ස්ථානයක් විය

ඒත් ඒ උත්තරීතර ආයතනය
අද මැරවරයන්ගේ රස්තියාදු කාරයන්ගේ

ග්‍රහණයට හසු වී අවසන්ය
විනයක් නැතිව භික්ෂූන්ට පහර දෙන

පරුෂ වචන වලින් බැණ වදින මෙවන් තත්ත්වයන් මැද
මොවුන් අපේ තරුණ පරපුරට දෙන ආදර්ශය මොකද්ද?

ගේමක් දීලා ගිය අවුරුද්දේ
වැලිකඩ ඉඳලා එළියට ආවේ
මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා
හොරකම් කරලා ජීවත් වන්නේ

පාතාලයා මං (ayy)
ලොකුම පචයා මං (ayy)
උඹලා බෝතලයට රවට්ට (ayy) ගත්ත මහත අයියා මං (ayy)
පාතාලයා මං (ayy)
ලොකුම පචයා මං (ayy)
උඹලා බෝතලයට රවට්ට (ayy) ගත්ත මහත අයියා මං (ayy)

ඉපදුණේ 92 (ah)
ගෙදර කූඹි කැලේ (ah)
පොඩි සමන්ත කිව්වොත් දැන් ඔක්කොම උන් නැවේ (ah)
ඉස්කෝලේ ගියේ පහ වෙනකන් අම්මා තාත්තා රට යනකන්
මල් විකිණුවා shape එකේ පොලීසියට අහුවෙනකන්

ඇද්දා මාස හයක් හිරේ කට්ට කෑවා හොඳට අනේ
පොලීසියෙන් ගැහුවම මට තරු පෙනුණා ඔළුව වටේ

Hmm
එළියට ආවා මං

සමාජයෙන් reject හින්දා මොකද කරන්නේ දැන්
අම්මට සිරි මෙතන තිබ්බ මගේ ලෑලි ගෙදර කෝ?
ලෑලි ගෙදර නෑ. ඉඩම උගස් ගිහින්
දැන් too late ඉතින් job කට්ට no ඉතින්
මන්ත්‍රීටවත් සෙට් වෙලා කරමු උගේ වැඩ ඉතින්
බෝතල් කාලයි බත් පැකට් එකයි
පෝස්ටරුත් ගැහුවම මට
රුපියල් එකසියයි

ගේමක් දීලා ගිය අවුරුද්දේ
වැලිකඩ ඉඳලා එළියට ආවේ
මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා
හොරකම් කරලා ජීවත් වන්නේ

පාතාලයා මං (ayy)
ලොකුම පචයා මං (ayy)
උඹලා බෝතලයට රවට්ට (ayy) ගත්ත මහත අයියා මං (ayy)
පාතාලයා මං (ayy)
ලොකුම පචයා මං (ayy)
උඹලා බෝතලයට රවට්ට (ayy) ගත්ත මහත අයියා මං (ayy)


මගේ කොල්ලෝ call me සුදු
my job selling කුඩු
When the cops come, I scream, “අම්මට උඩු” (දුවපන්)
If you want weed මල්ලී I got the බඩු
රත්තරන් chains and five or six මුදු (bling)
පොලීසියෙන් අපිට කියන්නේ වතාතමුල්ලේ හොරු
කවදාවත් ඇත්ත නෑ අපි කියන්නේ බොරු
මන්ත්රීට සල්ලි නැත්නම් කන්න වෙන්නේ ටොකු
King of the වනාතයේ
I’m very, very ලොකු

ගේමක් දීලා ගිය අවුරුද්දේ
වැලිකඩ ඉඳලා එළියට ආවේ
මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා
හොරකම් කරලා ජීවත් වන්නේ

පාතාලයා මං (ayy)
ලොකුම පචයා මං (ayy)
උඹලා බෝතලයට රවට්ට (ayy) ගත්ත මහත අයියා මං (ayy)
පාතාලයා මං (ayy)
ලොකුම පචයා මං (ayy)
උඹලා බෝතලයට රවට්ට (ayy) ගත්ත මහත අයියා මං (ayy)

මගේ නම අජිත්
මම medicine කරේ
ආප්ප පුච්චලා university ගියේ
Hardware එකේ වැඩ දැන් no money පුතේ
ලෙඩින් ඉන්න අම්මට බෙහෙත් ගන්න සල්ලි නැතේ

පොඩි පොඩි ගේම් දීලා මම සල්ලි හොයන්නේ
මේ දවස් වල ඡන්දේ හින්දා ලොක්කාට වැඩ කරන්නේ
වලි සීන් ආවම බොක්කෙන් බහින්නේ
අනිත් පිලේ කොල්ලෝ අපිව දැක්කම හයියෙන් දුවන්නේ

මට තියෙන්නේ බෝතල් හොඳට වත්තට බෙදන්න
බෝතල් වෙනුවෙන් ලොක්කාට හොඳට කතිරේ ගහන්න කියන්න
මැරිච්ච අයගේ ඡන්දේ තියෙනවා නම් මටම කෝල් කරන්න
ආ මැගී අක්කා ඔය කාඩ් එකට මෙන්න මේක තියා ගන්න

ගේමක් දීලා ගිය අවුරුද්දේ
වැලිකඩ ඉඳලා එළියට ආවේ
මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා
හොරකම් කරලා ජීවත් වන්නේ

පාතාලයා මං (ayy)
ලොකුම පචයා මං (ayy)
උඹලා බෝතලයට රවට්ට (ayy) ගත්ත මහත අයියා මං (ayy)
පාතාලයා මං (ayy)
ලොකුම පචයා මං (ayy)
උඹලා බෝතලයට රවට්ට (ayy) ගත්ත මහත අයියා මං (ayy)

දශක කීපයක් ඇතුළත මේ ඇතිවුන
මහා සමාජ විපර්යාසය
සංස්කෘතික විපර්යාසය
දේශපාලන විපර්යාශය

අ, අපට විශේෂයෙන්ම අපේ පරපුරේ අයට
මානසිකව විශේෂයෙන් බලපෑවා
කියන එක මං හිතන්නේ
මා විශේෂයෙන් සඳහන් කරන්නට අවශ්‍යයි

පළමුවෙන්ම කුඩා දරුවාගෙන් පටන් ගත යුතුයි
ඒ දරුවා තමයි වයස ගිහිල්ලා
අවුරුදු 14, 15 වෙන කොට තුවක්කු බෝම්බ අතට අර ගෙන
එහෙ මෙහෙ දුවලා සමාජය සහ තමා විනාශ වෙන්නෙ
ඒ දරුවන්ම තමයි ඒ ආකල්පයන් සහිත පාර්ලිමේන්තුවට ආපුහාම
පාර්ලිමේන්තුව පමණක් නෙමේ මුළු රටමත් විනාශ කරන්නෙ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gemak Deela Song Lyrics - ගේමක් දීලා ගීතයේ පද පෙළ Gemak Deela Song Lyrics - ගේමක් දීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2026 Rating: 5

0 comments:

Post a Comment