Song Title : Niwuna Numba Hinda (නිවුනා නුඹ හින්දා)
Artist : Shanuka Ekanayake
Melody : Shanuka Ekanayake
Music Composer : Shanuka Ekanayake
Lyrics : Lahiru Kasun Dissanayake
පාරා මේ හිත අද්දර ඇයි බැමි බිදලා
රෑ අහසේ මා තනිවීලා
නෑ නුඹගෙන් තවමත් මාගේ හදවත මිදිලා
මා.. අඳුරේ යයි දෝ ගිලිලා
කවුරුත් ලඟ නැති කාලයේ
නුඹ මගේ ලඟ රැඳුනා
උණුහුම සයුරට පා කලේ
දැන දැන අපි බැඳුනා
නිවුනා නුඹ හින්දා මේ සසරේ හමුවීලා
උන්නා පපුවේ මා සැනසීලා
හිතුනා දෛයිවේ නෑ මේ ආලේ ලියවීලා
රිදුනා මතකේ ඈ නැවතීලා
මා මැවූ ඒ හීන අඹරේ
නෑ කඳුලේ සුවඳ දැනුනේ
මා මැවූ ඒ හීන අඹරේ
නෑ කඳුලේ සුවඳ දැනුනේ
නුඹේ සිනා පපුවේ රිදී
තාම මා හොයනවා
කවුරුත් ලඟ නැති කාලයේ
නුඹ මගේ ලඟ රැඳුනා
උණුහුම සයුරට පා කලේ
දැන දැන අපි බැඳුනා
නිවුනා නුඹ හින්දා මේ සසරේ හමුවීලා
උන්නා පපුවේ මා සැනසීලා
හිතුනා දෛයිවේ නෑ මේ ආලේ ලියවීලා
රිදුනා මතකේ ඈ නැවතීලා
රිදුනා මතකේ ඈ... නැවතීලා

0 comments:
Post a Comment