Song Title : Adare Wadi Nisa (ආදරේ වැඩි නිසා)
Vocals : GANGADARA
Music & Melody : GANGADARA
Lyrics : GANGADARA
කුමරියත් දැන් සැරසීලා ඇති සිහින් තොල අග තියා
පුරුදු පැනයම අසන්නට මට ආදරේ දැයි කියා
සිහිවුනෝතින් අවේලාවක ආදරේ වැඩි නිසා
කඩුපුලක් ගෙන සරසමී වෙන මල් පවා නැති නිසා
මල් වගේ ඇගෙ හිනාවත්
තොල් මතින් යන රටාවත්
බැලුවොතින් ඇස් අගිස්සෙන්
මා මත් කරනු හැක ඉතාමත්
සොඳුරු දවසක දුර බලාගන මල් තලාවක ඇවිද යන්න
එහෙම යන මග අහඹු තැන් වල අත් දරාගෙන තනිව ඉන්න
ආස නැද්ද
විසල් ගස් යට මගේ උරමත හිස තියාගෙන තරු ගනින්න
ආදරේ වැඩි වෙන වෙලාවට තරු නෙමේ මා දෙස බලන්න
ආස නැද්ද
කුමරියත් දැන් සැරසීලා ඇති සිහින් තොල අග තියා
පුරුදු පැනයම අසන්නට මට ආදරේ දැයි කියා
සිහිවුනෝතින් අවේලාවක ආදරේ වැඩි නිසා
කඩුපුලක් ගෙන සරසමී වෙන මල් පවා නැති නිසා

0 comments:
Post a Comment