Ha Chuttak Song Lyrics - හා චුට්ටක් ගීතයේ පද පෙළ

Ha Chuttak Song Lyrics - හා චුට්ටක් ගීතයේ පද පෙළ
Song Title : Ha Chuttak (හා චුට්ටක්)
Composed by : Yohani  ‪@YohaniMusic‬   & Shenal Maddumage ‪@shenalmsounds‬
Lyrics by : Yashodha Adhikari ‪@Yasho_Writes‬
Music Produced by : Shenal Maddumage  ‪@shenalmsounds‬
Mixing Engineer : Dilru Costa
Mastering Engineer : Misjah  ‪@24mastering‬
Special Thanks : Ravi Hans | Pasan Liyanage  ‪@PasanLiyanage‬


හා චුට්ටක් කථාවට
ආවොතින් ඔයා අද
මාගේම කරගන්නද
රහසක් කියලා

හා කිව්වොත් ඔයා මට
මා වෙන්නම් නුඹේ අග
රැජිණිය සදහට මං
දෙවරක් නොහිතා

සැරෙන් සැරේ කෝලෙන්
බල බලා ඇසේ අස්සෙන්
බොරුවට එපා වගේ
හිදින්නෙපා රවන්නෙපා
ටිකෙන් ටිකේ ආලෙන්
පුරවලා හිතේ හිස්තැන්
නුඹ මට හිතක් වටින කෙනා නිසා

හා චුට්ටක් කථාවට
ආවොතින් ඔයා අද
මාගේම කරගන්නද
රහසක් කියලා

හා කිව්වොත් ඔයා මට
මා වෙන්නම් නුඹේ අග
රැජිණිය සදහට මං
දෙවරක් නොහිතා

සංකර තමයි නමුත්
මේක කෝඩු ආදරේ තමා
තව තවත් ඉතින්
ප්‍රේමේ පාමි මා නුඹේ වටා

පෙම් හැගුම් විදින්නම්
නුඹේ සුගන්දයෙන්
ඇස් වලින් සිඹින් නම්
නුඹ සෙමින් සෙමින්
මං ටිකක් තැවෙන්නම්
නුඹේ වස්සානයෙන්
ලං වෙමින් අහන්නේ මං ආලේ

හා චුට්ටක් කථාවට
හා කිව්වොත් ඔයා මට

හා චුට්ටක් කථාවට
ආවොතින් ඔයා අද
මාගේම කරගන්නද
රහසක් කියලා

හා කිව්වොත් ඔයා මට
මා වෙන්නම් නුඹේ අග
රැජිණිය සදහට මං
දෙවරක් නොහිතා

සැරෙන් සැරේ කෝලෙන්
බල බලා ඇසේ අස්සෙන්
බොරුවට එපා වගේ
හිදින්නෙපා රවන්නෙපා
ටිකෙන් ටිකේ ආලෙන්
පුරවලා හිතේ හිස්තැන්
නුඹ මට හිතක් වටින කෙනා නිසා

හා චුට්ටක් කථාවට
ආවොතින් ඔයා අද
මාගේම කරගන්නද
රහසක් කියලා

හා කිව්වොත් ඔයා මට
මා වෙන්නම් නුඹේ අග
රැජිණිය සදහට මං
දෙවරක් නොහිතා

හා චුට්ටක් කථාවට
හා කිව්වොත් ඔයා මට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ha Chuttak Song Lyrics - හා චුට්ටක් ගීතයේ පද පෙළ Ha Chuttak Song Lyrics - හා චුට්ටක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 11, 2025 Rating: 5

0 comments:

Post a Comment