Kinnarawi Song Lyrics - කින්නරාවි ගීතයේ පද පෙළ

Kinnarawi Song Lyrics - කින්නරාවි ගීතයේ පද පෙළ
Song Title : Kinnarawi (කින්නරාවි)
Artist : King Lotuss  ft Nilakshi Amarasinghe
Producer / Director / Story : Tilan Akalanka @backupstorysl
Chorus Written : @DrBSKingLK
Rap Lyrics Wrtitten : King Lotuss


ඉන්න නැවතී මා හා
කියන්න කැමතී දේ මා
නිදි වින්දෙ රෑ වී බෝමා.. සැමදා…

අඩවන් නෙතේ කඳුලු වැස්සයි
නැගිටින්න බෑ දෙපය ලිස්සයි
ඇවිදින්න ආසයි කින්නරාවී
මන්ද උන් ඈ නුරුස්සයි…

Rap
නුඹ හා සිනහා වෙන්නත්
මඟහැරුනා වාරේ
දුක හා තරහා වෙන්නම්
මතකයි අපේ බාලේ
සතුට නැමැති නාදෙන් මං
වසඟයට එද්දි
මිදුනා නුඹගේ පාරෙන් මං
මිතුරි සහ ගෙව්ව කාලේ

නිව්වා සාලේ ආලෝකේ
බිව්වා මතකද මාහා
මං උබට කිව්වා
පණිවුඩ ලිව්වා
නැවතත් එන්නයි කිව්වම හා හා
යනුවෙන් කිව්වා
මං මිතුරිය වෙනුවෙන් දිව්වා
මතකයි අද වගෙ නුඹ පෙර දින කදි නුඹෙ කුසගිනි සඟවල මගෙ තිබු කුසගිනි නිව්වා

මං ආසයි මේ බැඳීමට
අඳුර වැටී
හිත පාරයි බැහැ ඇඬීමට
වැටුන සැටී
පුදුමාකාරයි නෑ දැකීමට
සමාජේ මැටි මොල
නිසා කෙසේ නැසී ගියේ
සමාවෙන්න මල මට

සමාවෙන්න දකුණු අත නැතුව පාලුවේන්
නුඹ කෙල්ලෙක් හරී කොහොම උනත් හොඳ යාලුවේක්
උබයි මමයි මතකද හිටියෙ උජාරුවෙන්
කෙලවපු උන්ගෙ ග්‍රහයො අද සිට මාරුවේ

සමාවෙන්න මල මට
සමාවෙන්න
සමාවෙන්න

අඩවන් නෙතේ කඳුලු වැස්සයි
නැගිටින්න බෑ දෙපය ලිස්සයි
ඇවිදින්න ආසයි කින්නරාවී
මන්ද උන් ඈ නුරුස්සයි…

ඕයි විඳපන් වේදනා
දූෂණේට ලක් වෙවී ඈ දුක් වෙවීම ඝාතන
බල්ලො උබල පස් දෙනා මැරුම් කනවා
දුක් වෙවී විලාප් නඟපන් සක්වලේ ඉදන් පැමිණී මාරයා මං මාරයා

තාමත් අමාරුයි
අපි කාටවත්ම නෑඩො ලකුණු
මාවත් අවසානයි
උන් නැති කරා හීන දැකපු
හාමත්
ඔව් මං හාමත්
තව තුනයි ගන්න ඕනෙ අව දානම්
ජීවත් වීම උබට තහනම්

දුම ඇදෙයි පෙනහැල්ල කරා
උබලැති සෙල්ලංකරා
තරහ වැඩියි මලකුණටත් වෙඩි එල්ල කරා
තව එකයි කෙල්ලෙ ඉතුරු සත්තු ටික මෙල්ල කරා
උගෙ ඉරණම මගෙ පිහිය එයි බෙල්ල කරා
සිහිවෙද්දි
නැති වුනා ඉවසීම
ගිය දින සිට දුක හීනෙන් පැවසීම
වැලපීම අවසානේ නැවතීම
කටයුතු නිමයි ලැබේවා සැනසීම

කින්නරාවි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kinnarawi Song Lyrics - කින්නරාවි ගීතයේ පද පෙළ Kinnarawi Song Lyrics - කින්නරාවි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 20, 2024 Rating: 5

0 comments:

Post a Comment