Karamba Mal Song Lyrics - කරඹ මල් ගීතයේ පද පෙළ

Karamba Mal Song Lyrics - කරඹ මල් ගීතයේ පද පෙළ
Song Title : Karamba Mal (කරඹ මල්)
Artiste : Bachi Susan & Sashika Nisansala
Lyrics : Manuranga Wijesekara
Melody : Dinesh Gamage
Music : Gayan Randy
Percussion : Rakitha wickramarathne
Flute : Madusara Liyanage
Guitars : Gayan Randy
Mix & Master : Gayan Randy


කරඹ මල් තලා
යන අයුරු බල බලා
හිතවත්කම් නැති ගොම්මන් යාමෙ තනි උනා
රුදුරු තැනිතලා පසුකරන් හෙල් පවා
එක හැල්මේ යන ගමනේ
මට මාව නැතිවුණා

හංගා මයෙ ආලේ
වින්දා ඇහි දාරේ
නින්දා වැහි කෝඩේ
තනිවුනු දා
මට නැතිවුණු ආලේ
ඉරිතැලෙනා හෘදේ
නුඹ හින්දා ප්‍රාණේ ඉකිබින්දා

නුඹ ගිය පාරේ මල් පිපුණාද ආයේ
නෑ දන්නේ හිත රිදුනේම මාගේ
සුවඳට නුඹගේ හිත උතුරන්න පිරුණේ
සංසාරේ එක සුවඳයි දැණුනේ

වැව ඉරිතලා ගියා
වැව් ඉවුරෙ තනී වුණා
අපි ආයේ හමුවෙන්නෑ මේ භවයේ

හංගා මයෙ ආලේ
වින්දා ඇහි දාරේ
නින්දා වැහි කෝඩේ
තනිවුනු දා
මට නැතිවුණු ආලේ
ඉරිතැලෙනා හෘදේ
නුඹ හින්දා ප්‍රාණේ ඉකිබින්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Karamba Mal Song Lyrics - කරඹ මල් ගීතයේ පද පෙළ Karamba Mal Song Lyrics - කරඹ මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2023 Rating: 5

0 comments:

Post a Comment