Hangannda Adare Song Lyrics - හන්ගන්නද ආදරේ ගීතයේ පද පෙළ

Hangannda Adare Song Lyrics - හන්ගන්නද ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Hangannda Adare (හන්ගන්නද ආදරේ)
Artists : Iman Fernando ft. @DILUBeats 
Melody composed by Iman Fernando 
Written by Iman Fernando 
Music produced by DILUBeats 
Mix and mastering : DILUBeats


සන්තානික මාළිගේ ඔබ තාම තනියම ඇයි මෙලෙස තව
මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා
ප්‍රේමාදර මායිමේ හැමදා නිහඬ වනු ඇයි කෙලෙස මම
හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා

ඔබ ගාව නවතින චේතනා
මුදු හීන ලෝකෙක පා කලා
ඈත යනවද පා වෙලා
මම නෑ ඔබෙන් මිදිලා

දුර කාලයක බැඳෙනා රටා
හිත පාරවන රචනා එපා
දෑස බොඳ කරනා කතා
තව නෑ හදින් විමසා

මා ළඟින් සැනසීලා , හිනැහීලා
මට හේතු මොකටද යා කරන්නද අශා
ඔබ හා මා බැඳෙනා

කාලයෙන් බැඳි සීමා හැරදාලා
අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
නොම බාධා අප හා

සංකා නැති මාවතේ තව නාවෙ මට කිමදැයි කියනවද
ළං වෙන්නද මා මෙසේ අමනාපකම් තියලා
රූරා ගිය ආදරේ ඔබ පාමුලේ තැබුවත් හැඟෙනවද
පාරා ගිය කාරනේ නොකියා හදක් රිදවා

ඔය හාදු මං ගාවින් තියා
ළං වී හිඳින්නද රෑ පුරා
මා සිතින් ඇඳෙනා නුරා
හද නෑ තවත් සනසා

දුර කාලයක බැඳෙනා රටා
හිත පාරවන රචනා එපා
දෑස බොඳ කරනා කතා
තව නෑ හදින් විමසා

මා ළඟින් සැනසීලා , හිනැහීලා
මට හේතු මොකටද යා කරන්නද අශා
ඔබ හා මා බැඳෙනා..

කාලයෙන් බැඳි සීමා හැරදාලා
අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
නොම බාධා අප හා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hangannda Adare Song Lyrics - හන්ගන්නද ආදරේ ගීතයේ පද පෙළ Hangannda Adare Song Lyrics - හන්ගන්නද ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2023 Rating: 5

0 comments:

Post a Comment