Wananthare Maha Roossa Song Lyrics - වනන්තරේ මහ රූස්ස ගීතයේ පද පෙළ

Wananthare Maha Roossa Song Lyrics - වනන්තරේ මහ රූස්ස ගීතයේ පද පෙළ
Song Title : Wananthare Maha Roossa (වනන්තරේ මහ රූස්ස)
Artist : Vijaya Kumarathunga
Lyrics : Sunil Ariyarathna
Music : H.M.Jayawardhana


තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න
මගෙ රත්තරන් අම්මේ
මං පඩි අරන් අද හෙට එනතුරු ගමට
තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි නුඹට

වනන්තරේ මහ රූස්ස ගහ කොළ
බිමට සමතලා කර අම්මේ
රාස්සයින් වගෙ යන්ත්‍ර සූත්තර
මහ සද්දෙන් යනවා අම්මේ

සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා
වේල්ල බඳිනා හැටි අම්මේ
බලාන ඉන්නට දවසක නුඹවත්
එක්කරගෙන එන්නම් අම්මේ

බින්තැන්නේ මං දහ දුක් විඳලා
මෙදා ගමට ආ දා අම්මේ
උඹේ අතින් මගෙ දෑතේ කරගැට
අතගාලා නාඬන් අම්මේ
මහියංගණයේ හේවිසියේ හඬ
හැන්ඳෑවට ඇහුනම අම්මේ
සිල් අරගෙන නුඹ ඉන්නා තාලය
අනේ මතක් වෙනවා අම්මේ

වත්ත පහල පොල් අතු ඇහිදින්නට
උදෙන්ම යන්න එපා අම්මේ
උදේ රැයින් ඔය පිනි බාලා නුඹ
ලෙඩා දුකා වෙයි මගෙ අම්මේ
ගිනි මද්දහනේ බැරි බැරි ගාතේ
ගම්මැද්දේ නොගිහින් අම්මේ
රැයක් නෑර මට හීනෙන් පෙනි පෙනි 
මං එනතුරු ඉඳහන් අම්මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wananthare Maha Roossa Song Lyrics - වනන්තරේ මහ රූස්ස ගීතයේ පද පෙළ Wananthare Maha Roossa Song Lyrics - වනන්තරේ මහ රූස්ස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 30, 2023 Rating: 5

0 comments:

Post a Comment