ගල් පොත්තේ නිධානය රකින කාලි මැණියෝ (Gal Poththe Nidanaya)

ගල් පොත්තේ නිධානය රකින කාලි මැණියෝ (Gal Poththe Nidanaya) - Your Choice Way

මිට අවුරුදු 2කට උඩදි උන දේයක්,අපෙ ගමේ පවුල් 60ක් විතර ඉන්නවා,අපේ ගම ඇතුලෙ කැලේ කැල්ලක් තියනවා.එක ගමේ හැමෝටම අක්කර බාගේ බාගෙ බේදලා තියේන්නෙ.දෙපැත්තේ කැලේ මැදින් පාර හදලා තියෙන්නෙ.ගමේ අය ඒ කැලේ සුද්ද කරලා තල,බඩඉරිඟු ,බොන්ච්,කුරක්කන්,අබ එහෙම හදනවා. ඒක නිසා ටිකක් කැලේ අඩුයි.පාරෙන් වම් පැත්තෙ අය තාමා හැම සැරෙම වාගා කරන්නේ.අපේ කෑල්ල දකුනු පැත්තේ අපිත් ඒක පාරක් සුද්ද කරලා කුරක්කන් හැදුවා.හැදුවට වැඩක් නෑ රිලවුන් හා අලි කනවා.අපේ පැත්තේ කවුරුත් පැල් වලට යන් නෑ.අනික සමහරු කරනවා. සමහරු කරන් නෑ.ඒක නිසා අපිත් ඔහේ කැලේ වැහේන්ඩ ඇරියා.ඊට පස්සේ මට හිතුනා ඔක සුද්ද කරලා බඩඉරිඟු හදන්ඩ.ඒත් හැදුවට වැඩක් නෑ මොකද වටේ ඒවාගේ කැලේ නිසා රිලවු ගෙන් බේර ගන්ඩ අමාරුයි.මගෙ යාලුවේක්ගේ හේන කොටලා වු මොකුත් හදන් නෑතුව ඇරලා.මම පොරගෙන් ඉල්ලුවා.පොර කිවුවා එහෙනම් අපරාදෙනේ උබ බඩඉරිඟු හාදා ගනින් කියලා.මම පහුවාදා අම්මා එක්ක ගිහින් බඩඉරිඟු හැදුවා 5kg ක් විතර.මේ යාලුවාගෙ හේන ලග ගේවල් 5ක් 6ක් විතර හදාලා තියෙන්නෙ.

කට්ටිය ඒ ගෙවල් වල පදින්චිත් වේලා.මම අලියගෙන් ,රිලවුගෙන් බේරා ගන්ඩ මම ඉන්ඩ පැලක් හැදුවා ගහක. ඒත් එතන වටේ අය කිවුවා ඔකට නම් පැලක් හදන්ඩ ඔන් නෑ අපි ඉන්නවානේ අලියා එන් නෑ කිවුවා.මම කොකටත් කියලා පැලක් හැදුවා.මම හැමදාම පැලට රෑ 9.00 ට විතර යනවා.මොකද අපේ ගමේ මියුසිකල් බැන්ඩ් එකක් තියනවා ඒ අය හැමදාම පැට්ටිස් වේනවා.මාත් ඒ බැන්ඩ් එකේ සාමාජිකයෙක්. එතකොට මම අපේ ගෙවල් ලග කැම්ප් එකේ තාමා වැඩකලේ.ලග නිසා හවසට ගෙදර එනවා මම.කොහොම හරි බඩඉරිඟු පැහෙන කාලේ එන කොට මම බිම් පැලක් හැදුවා.ඒක හැදුවේ දවල්ට බඩඉරිඟු කරලක් එහේම තම්බලා පුච්චලා එහේම කන්ඩ ඔන නිසා.

ඒ හේනේ ලොකු ගල් පොත්තක් තියනවා එක වට කරලා තාමා පැල නිකන් හැදුවෙ.ගලේ ඉදගෙන කන්ඩ පුලුවන් නිසා.එදා මගෙ යන්ත්‍රරේ නුල ගැලවිලා වැටුනා ගෙදර.ඊට පස්සෙ යන්ත්‍රරේ නුල න්ති නැති නිසා මල් ආසනය ලග තියලා වැදලා අවා.මම හවස 6.00 ට විතර පැලට යන්ඩත් එක්ක මම ලැහැස්ති වේලා අවේ.එන ගමන් බැන්ඩ් එකේත් පැට්ටිස් කරලා පැලට එනකොට රෑ 10.20 ට විතර ඇති. මම ඇවිත් නිදා ගත්තා.නිදා ගෙන ඉන්න කොට එක පාරම නිකන් මගේ බේල්ල මිරිකනවා වාගෙ දැනුනා.මම නෑගිටලා ටොච් එක ගහාලා වේලාව බලන කොට හරියටම පාන්දර 1.30 ට විතර තියෙයි.මම පහලට ටොච් එක ගහලා බලන කොට බිම පැල කැඩිලා වැටිලා.එදාම තාමා හැදුවේත් එ පැල..මම හිතුවා හුලගට කියලා නිදා ගත්තා.

ඊට පස්සෙ ටිකක් වේලා යන කොට හිනේන් පේනුනා කලුම කලු පාට මහත ගෑනියක් සාරියක් ඇදලා නලලේ රතුපාට පොට්ටුවක් තියපු ගෑනියක් අපේ අම්මට කිවුවා උබේ කොල්ලා තාමා හැමදේටම මුල. "තෝ මරනවා කියලා". මේවා මගෙ ඒවා බොල කියලා මගේ මුනට පැනලා බේල්ල මිරිකන්ඩ හැදුවා.මම කෑ ගහලා නෑගිට්ටා.මම නැගිටලා ටොච් එක ගැහුවා.දැන් මගේ ඇග වේව්ලනවා.මගෙ ඇගට පන නෑ .මට දැන් ගෙදර යන්ඩ ඕනේ.මම පැල උඩ ඉදම්ම "නෑන්දො මාමො" කියලා අඩ ගැහුවා ඒත ගෙවල් වල අයට කවුරුත් කතා කලේ නෑ. ඒ අයට ඇහිලා නෑ. මට පැලෙන් ඉනිමග දිගෙ බැහැගන්ඩ පනත් නෑ. ඇග වේව්ලනවා.මම බාටා දෙකත් නැතුවම ටොච් එකත් අරන් දුවගෙනම අවා.ගෙදරට එතන ඉදන් කිලෝමීටර් එකක් විතරම දුරයි."අම්මා අම්මා " කියලා කතා කරනවා විතරයි මට මතක අම්මා දොර අරින කොටම මම කලන්තේ දාලා වැටිලා. මට අදටත් හිතා ගන්ඩ බෑ මම දුව ගෙන ආවද කියලා.ගමේ අයත් පුදුම වේනවා එතකොට වේලාව පාන්දර 2.45 ට විතර තියෙයි.ගෙවල් ලග හැමෝම වගෙ අවිත් පන්දරම පන්සලේ හාමුදුරුවෝත් අවිත් නුලක් ගැට ගහලා තාමා මට හරි ගියේ.නිකන් කාතා කරන්ඩ වත් බෑ මට ගොත ගැහුනා.මම වේව්ලුවා.උදේ තමා කට්ටිය කිවුවේ ඒ ගල උඩ පැලක් හදපු එක තාමාලු ප්‍රශ්නය.ඔයිට කලිනුත් ඒ වත්තේ මනුස්සයෙක් ගෙයක් හදලා ඉන්ඩම දුන් නෑලු.ඒ කෙනා බය කෙරුවලු.ඒ මනුස්සයා ගමේ අයට කිවුවල්ලු ඒ විස්තරේ.

එත් ගමේ අය පිලි අරන් නෑ.මටත් මේක උනාම තාමා කට්ටිය විස්වස කරේ.මට ගොඩක්ම උනෙ එදා යන්ත්‍රරේ කරේ තිබුන් නෑති නිසාලු හාමුදුරුවෝ කිවුවේ. ඒ වත්තෙ කිසිම දෙයක් හදන්ඩ බෑ.ඉන්ඩත් බෑ.මගෙ ඔක්කොම බඩඉරිඟු අලියා කෑවා, ඒ ගලට අඩියක් හරි තිබ්බොත් කකුල කැඩේනවාලු.ඔයිට කලින් කට්යක් ඕකෙ වාගා කරලා.ඒ කට්ටියගෙ පොඩ් ලමයා එකෙ ඉද ගෙන සෙල්ලම් කරලා ඒ ලමයා වැට්ලා කකුල කැඩුනලු.ලොකුයි ගල් පොත්තක් එක උස නෑ.දැන් ඒ වත්ත පාලු වේලා.කැලේ වැහිලා.ඒ ගලෙ නිදානයක් තියනවාලු. ඒකට හානියක් කරයි කියලලු කාලි මෑණියෝ එක රකිනවා කියන්නෙ.ගමේ අය තමා එහෙම කියන්නෙ.ඔතන ලිදක් හාරන්ඩ ඔයිට කලින් බැකො එකක් ඇවිත් ඒ බැකො එක ගන්ඩ බෑ එරිලා.තාමත් එකෙ කෑලි එතැන තියනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගල් පොත්තේ නිධානය රකින කාලි මැණියෝ (Gal Poththe Nidanaya) ගල් පොත්තේ නිධානය රකින කාලි මැණියෝ (Gal Poththe Nidanaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2023 Rating: 5

0 comments:

Post a Comment