Lamba Sawan Ran Patin Song Lyrics - ළඹ සවන් රන් පටින් ගීතයේ පද පෙළ

Lamba Sawan Ran Patin Song Lyrics - ළඹ සවන් රන් පටින් ගීතයේ පද පෙළ
Song Title : Lamba Sawan Ran Patin (ළඹ සවන් රන් පටින්)
ගායනය : මධුමාධව අරවින්ද


ළඹ සවන් රන් පටින්
දන නෙතින් තදින් බඳිමින්
මිණි මෙවුල හඬවිම්න්
පිපි සමන් කුසුම් දරමින්
රණ හසුන් පිහිනමින්
තුනු විලෙහි සිරිය මවමින්
උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්

දැහැමින් බැඳි සිත් මඩින්ට මාර සෙන් වටින්
උන් පරදා අප මහසත් පාරමී බෙලෙන්
සෙවණින් බෝ පත් අතරේ ගැලූ අම ගඟින්
පවසින් දහමේ නිවුනේ දම් අමා රසින්

කැණිමඬල පළාලා
සුනු විසුනු කළා මැදුරක්
යලි මැදුර සදාලා
වෙහෙසුමක් තොපට නැත්තේ
මම ගයමි උදම් ගී
නද දුන්නු රාජ මිහිඳෙක්
දැහැමින් බවුන් වඩයි
නේරංජන නදි තීරේ

ළඹ සවන් රන් පටින්
දන නෙතින් තදින් බඳිමින්
මිණි මෙවුල හඬවිම්න්
පිපි සමන් කුසුම් දරමින්
රණ හසුන් පිහිනමින්
තුනු විලෙහි සිරිය මවමින්
උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්

දස දහසක් සක්වා තළ එකම්පිත වෙවී
දස දහසක් ලෝ ධාතුව ගුගුරුවා හැලී
දෙව් බඹ සුර නා සේනා සාදුකාර දී
පරසතු මල් ගඳ විලවුන් දෙපාමුල පිදී

කැණිමඬල පළාලා
සුණු විසුණු කරා මැදුරක්
යලි මැදුර සදාලා
වෙහෙසුමක් තොපට නැත්තේ
මම ගයමි උදම් ගී
නද දුන්නු රාජ මිහිදෙක්
දැහැමින් බවුන් වඩයි
නේරංජන නදි තීරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lamba Sawan Ran Patin Song Lyrics - ළඹ සවන් රන් පටින් ගීතයේ පද පෙළ Lamba Sawan Ran Patin Song Lyrics - ළඹ සවන් රන් පටින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 21, 2023 Rating: 5

0 comments:

Post a Comment