Iru Dina Pamanak Nowa Song Lyrics - ඉරුදින පමණක් නොව ගීතයේ පද පෙළ

Iru Dina Pamanak Nowa Song Lyrics - ඉරුදින පමණක් නොව ගීතයේ පද පෙළ
Song Title : Iru Dina Pamanak Nowa (ඉරුදින පමණක් නොව)
ගායනය : අනිල් භාරතී
සංගීතය : උපේන්ද්‍ර ප්‍රනාන්දු
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


ඉරුදින පමණක් නොව තව දසදහස් දිනක් 
ඔබ හමුවන්නට ඇත්නම් එය මහත් පිනක් 
අද ඔබ දැක පිය නැඟුවත් සිත යලිත් වරක් 
හෙට වෙනතුරු පෙරුම් පුරයි නැත ඉමක් කොනක් //

සතියක් මාසයට හැරී අවුරුදු වන්නේ 
එලෙසින් අපේ ආදරයේ දළු ලියලන්නේ
දවසින් දවසම හැඩ වී ඔබව පෙනෙන්නේ 
ඔබව පෙනෙන්නේ 
එනිසයි මා ඔබ දැකුමට හැමදා එන්නේ

ඉරුදින පමණක් නොව තව දසදහස් දිනක් 
ඔබ හමුවන්නට ඇත්නම් එය මහත් පිනක් 
අද ඔබ දැක පිය නැඟුවත් සිත යලිත් වරක් 
හෙට වෙනතුරු පෙරුම් පුරයි නැත ඉමක් කොනක්

දෙකොපුල් වල ගැසෙන ලෙසින් ඔබ හිනැහෙන්නේ 
කිසිදා නැත ඔය මදහස අමතක වන්නේ 
මහදේ උතුරන සෙනෙහස නැත නිම වන්නේ 
නැත නිම වන්නේ 
කෙදිනද ඔබ මගේ අත ගෙන පැල වෙත එන්නේ

ඉරුදින පමණක් නොව තව දසදහස් දිනක් 
ඔබ හමුවන්නට ඇත්නම් එය මහත් පිනක් 
අද ඔබ දැක පිය නැඟුවත් සිත යලිත් වරක් 
හෙට වෙනතුරු පෙරුම් පුරයි නැත ඉමක් කොනක් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Iru Dina Pamanak Nowa Song Lyrics - ඉරුදින පමණක් නොව ගීතයේ පද පෙළ Iru Dina Pamanak Nowa Song Lyrics - ඉරුදින පමණක් නොව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2023 Rating: 5

0 comments:

Post a Comment