මඤ්ඤොක්කා කතුරුමුරුංගා සහ කීරමින් මික්ස් හදමු (Cassava Kathuramurunga and Keramin Mix)

මඤ්ඤොක්කා කතුරුමුරුංගා සහ කීරමින් මික්ස් හදමු (Cassava Kathuramurunga and Keramin Mix) - Your Choice Way

අපි හැමදාමත් එක එක රසට , එක එක විදියට උයලා කන්න ආසයි .ඒත් ඒ මොන විදියට ඉව්වත් අපි උයන්නේ එකම විදියෙ කෑම, ඒවගෙ රසයත් , පෙනුමත් ඒකාකාරියි. අපි මේ උයන කෑම ටිකක් වෙනස් විදියට මික්ස් කරන්න පුලුවන් නම් හොඳයි නේද 😍 ඒත් ඉතිං අපේ දිව හුරු වෙලා තියන්නෙ හෙල රසයට. අපේකම ත් අපේ රසයත් රැකෙන කලමනා ටිකක් එකතු කරලා ඔන්න මං ඔයාලට රස කෑමක් ගෙනාවා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • * තම්බාගත් මඤ්ඤොක්කා 300g ක්
  • * කීරමින් 50g ක් (ඔයාලට මේකට හාල්මැස්සන් ගන්නත් පුළුවන්)
  • * කතුරුමුරුංගා කොල ටිකක්
  • * කපාගත් තක්කාලි  100g ක්
  • * සිහින්ව කපාගත් තරමක බී ලූනු ගෙඩියක්
  • * සිහින්ව ලියූ සුදුලුනු බික් 2ක්
  • * අමුමිරිස් කරල් 5 ක්
  • * අබ ඇට ස්වල්පයක්
  • * සූදුරු ස්වල්පයක්
  • * තෙල්
  • * කෑලි මිරිස් තේ හැඳි  2 ක්
  • * අවශ්‍ය පමණ ලුනු
  • * රම්පෙ, කරපිංචා ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍁 කීරමින් ටික හොඳින් බැද ගන්න.
  2. 🍁 කතුරුමුරුංගා කොල ටිකද පැහැය වෙනස් නොවන සේ තෙලෙහි බැද පසෙකින් තබන්න.
  3. 🍁 දැන් භාජනයක් ලිප තබා තෙල් ටිකක් දමන්න.
  4. 🍁 තෙල් රත් වන විට අබ ඇට සහ සූදුරු එකතු කර පුපුරුවා ගන්න.
  5. 🍁 පසුව රම්පා ,කරපිංචා සහ සුදුලුනු එකතු කරන්න.
  6. 🍁 සිහින්ව කපාගත් බී ලූනු සහ අමුමිරිස් ටිකද එකතු ටිකක් බැදෙන්න තියන්න.
  7. 🍁 මීලඟට කෑලි මිරිස් එකතු කරන්න.
  8. 🍁 දැන් කපාගත් තක්කාලි ටික එකතු කර කලවම් කරන්න.
  9. 🍁 ඉන්පසු තම්බාගත් මඤ්ඤොක්කා එකතු කර මදක් කලවම් කරන්න.
  10. 🍁 දැන් බැදගත් කීරමින් සහ කතුරුමුරුංගා කොල එක් කරන්න.
  11. 🍁 අවශ්‍ය පමණ ලුනුද එක්කර හොඳින් මිශ්‍ර කර රස විඳින්න.

හෙළයේ රස මිහිර
මඤ්ඤොක්කා කතුරුමුරුංගා සහ කීරමින් මික්ස් හදමු (Cassava Kathuramurunga and Keramin Mix) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මඤ්ඤොක්කා කතුරුමුරුංගා සහ කීරමින් මික්ස් හදමු (Cassava Kathuramurunga and Keramin Mix) මඤ්ඤොක්කා කතුරුමුරුංගා සහ කීරමින් මික්ස් හදමු (Cassava Kathuramurunga and Keramin Mix) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 22, 2023 Rating: 5

0 comments:

Post a Comment