Dedena Song Lyrics | දෙදෙනා ගීතයේ පද පෙළ

Dedena Song Lyrics | දෙදෙනා ගීතයේ පද පෙළ
Song Title : Dedena (දෙදෙනා)
Artist, lyrics, and melody : Induja Perera
Music, Mix and mastered : Lahiru de Costa
Video : Dasun Silva
Label : MREC Entertainment


අතීතයේ ලැගුම් නොගෙන මග හැරී සිතට හැඟුම්
තනිව කරමි නුඹට යලි හදින් ආයාචනා
තියන් සිතේ හැඬුම්
සිහි කරනු කෙසේද ඒ රිදුම්
දිනක වෙන් වී කෙලෙස අපි අපිට කළෙ චෝදනා

මියදුනාවේ
හදේ ලියවුනු පෙම ගිලිහුනාවේ
තනිව දෙතැනක සිරවුනු සිතිවිලි සොයනෙමි හුදකලාවේ
වියකුනාවේ
මැවු සිහින බොඳව විසිරුනාවේ
මගෙන් වෙන්වී යන ඔය නෙතු වෙන හදකට ළං වුනා වේ

දෙදෙනාගෙම සිත් අඳුරේ නම්
ඇයි තවත් විඳවන්නේ
ආදරේ අරුත වැටහේනම් මෙලෙසින්
ඇයි තවම රිදවන්නේ
හැම මොහොතකම ගෙවෙනා මේ
නුඹවමයි මං පැතුවේ
ඒත් වෙන්වෙන්න හිතෙනවා නම්

මතකෙක යලි මදකට බැඳෙනවා
නුඹෙ සෙහෙහස එලෙසම විඳිනවා සොදුරේ
ගිලිහුනු පහසක සුව දැනෙනවා
හැම රුවකම නුඹවම මැවෙනවා ලඳුනේ

පියවුනාවේ
නුහුරු විරහව මතු හුරු වුනා වේ
නිහඬ කඳුලක මියදුනු සිතිවිලි සසරෙම කිමිදුනාවේ
මා මත් වුනා වේ
ඉතිරිව ඇති සෙනෙහස් නියාවේ
දුරක් යනු රිසි පැටලුනු දෙඇඟිලි බිඳිනට සැරසුනාවේ

දෙදෙනාගෙම සිත් අඳුරේ නම්
ඇයි තවත් විඳවන්නේ
ආදරේ අරුත වැටහේ නම් මෙලෙසින්
ඇයි තවම රිදවන්නේ
හැම මොහොතකම ගෙවෙනා මේ
නුඹවමයි මං පැතුවේ
ඒත් වෙන්වෙන්න හිතෙනවා නම්

මතකෙක යලි මදකට බැඳෙනවා
නුඹෙ සෙහෙහස එලෙසම විඳිනවා සොදුරේ
ගිලිහුනු පහසක සුව දැනෙනවා
හැම රුවකම නුඹවම මැවෙනවා ලඳුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dedena Song Lyrics | දෙදෙනා ගීතයේ පද පෙළ Dedena Song Lyrics | දෙදෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2023 Rating: 5

0 comments:

Post a Comment