Siyambala Malak Song Lyrics - සියඹලා මලක්‌ ගීතයේ පද පෙළ

Siyambala Malak Song Lyrics - සියඹලා මලක්‌ ගීතයේ පද පෙළ
Song Title : Siyambala Malak (සියඹලා මලක්‌)
ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්


සියඹලා මලක්‌ ඔබෙ දෝතේ පිපෙන කොට
ඉගිලිලා යන්න බෑ ඔය ඇස්‌ දෙකෙන් මට
පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට
නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට

පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයි
රත්තරං හදවතේ ආදරේ පිවිතුරුයි
පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයි
රත්තරං හදවතේ ආදරේ පිවිතුරුයි
තනිවෙන්න දෙන්නෙ නෑ මේ
හිත ඔබට ආදරෙයි

සියඹලා මලක්‌ ඔබෙ දෝතේ පිපෙන කොට
ඉගිලිලා යන්න බෑ ඔය ඇස්‌ දෙකෙන් මට
පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට
නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට

නෙතු සිඹින පුර හඳ ලස්‌සනයි රැයකට
අමතක කරන්නෙපා මා ඔබේ සඳවත
නෙතු සිඹින පුර හඳ ලස්‌සනයි රැයකට
අමතක කරන්නෙපා මා ඔබේ සඳවත
හීනෙන් ඇවිදින් මගෙ යහනේ
ඉන්න දෙව්දුව

සියඹලා මලක්‌ ඔබෙ දෝතේ පිපෙන කොට
ඉගිලිලා යන්න බෑ ඔය ඇස්‌ දෙකෙන් මට
පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට
නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siyambala Malak Song Lyrics - සියඹලා මලක්‌ ගීතයේ පද පෙළ Siyambala Malak Song Lyrics - සියඹලා මලක්‌ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 02, 2023 Rating: 5

0 comments:

Post a Comment