Hitha Hadaganna Ba Song Lyrics - හිත හදාගන්න බෑ ගීතයේ පද පෙළ

Hitha Hadaganna Ba Song Lyrics - හිත හදාගන්න බෑ ගීතයේ පද පෙළ
Song Title : Hitha Hadaganna Ba (හිත හදාගන්න බෑ)
ගායනය : චාමික සිරිමාන්න
සංගීතය : කපිල
පද රචනය : සජිත් වී. චතුරංග


හිත හදාගන්න බෑ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ
ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා
ආදරෙ හැර දමලා
මා සදා හඩනවා
මාරුතේ දුක දරා
හිත හදාගන්න බෑ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

ආදරය වී
ජීවිතය දී
මාගෙ ලග උන්නු වේලේ
කීව හැම දේ
තාම සිහිවේ
පාලුවුනු ලෝකෙ මාගේ
හීන කදුලින් තෙමා
ඈත සැගවී ඔයා
මාව අදුරේ හෙලා
දෑස ලඟ අද නෑ මාගේ
මා සදා හඬනවා
මාරුතේ දුක දරා

හීන වියැකී
දෑස නොපෙනී
කාටදෝ ඔබව හිමිවී
මාව තනිවී
දෑස බොදවී
කාට පවසම්ද මේ දේ
ජීවිතය පාවෙලා
ආදරය නෑ කියා
මාව හැරදා සදා
ඈත යනවද මේ යාමේ
මා සදා හඬනවා
මාරුතේ දුක දරා

හිත හදාගන්න බෑ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ
ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා
ආදරෙ හැර දමලා
මා සදා හඩනවා
මාරුතේ දුක දරා
හිත හදාගන්න බෑ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hitha Hadaganna Ba Song Lyrics - හිත හදාගන්න බෑ ගීතයේ පද පෙළ Hitha Hadaganna Ba Song Lyrics - හිත හදාගන්න බෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 14, 2023 Rating: 5

0 comments:

Post a Comment